අම්බානි පවුලේ විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් - බෝම්බයක් පිපිරුවහොත් වෙනදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

අම්බානි පවුලේ විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් - බෝම්බයක් පිපිරුවහොත් වෙනදේ මෙන්න

අම්බානි පවුලේ විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් - බෝම්බයක් පිපිරුවහොත් වෙනදේ මෙන්න

ලොවක් අවදානය දිනූ 'අම්බානි පවුලේ ප්‍රකෝටිපති මංගල්‍යය' අවසන් වුණත්, තවමත් එහි උණුහුම මැකී ගිහින් නෑ.

 

විවාහ මංගල උත්සවයේ විවිධ වූ කාරණා තවමත් පුවත් මවමින් පවතිනවා.

 

එහෙම අහන්න ලැබුණු තරමක වෙනස් කාරණාවක් තමයි මේ. වෙනස් කියලා කිව්වෙ මේක වෙඩිම අස්සෙ කණ වැකුණු ''බෝම්බ කතාවක්'' වන නිසාවෙන්.

 

අම්බානි පුතුගේ වෙඩිමට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට වූ අනතුරු ඇඟවීමක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

 

අනතුරු ඇඟවීම කරලා තියෙන්නෙ සමාජ මාධ්‍ය ඔස්සේ.

 

එහෙම බෝම්බ බියක් පතුරවමින් සමාජ මාධ්‍යයට සටහනක් එක්කාසු කළ පුද්ගලයාව මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්.

 

32 වියැති ඉංජිනේරුවකු ලෙස සඳහන් එම පුද්ගලයා වඩෝදර ප්‍රදේශයේ පදිංචි 'විරාල් ෂා' නමිනුයි හඳුනාගෙන ඇත්තේ. පොලීසිය හමුවේ ඔහු ප්‍රකාශ කර තිබුණේ තමාට කිසිදු කලබලයක් හෝ ව්‍යාජ අනතුරු ඇඟවීමක් කිරීමට අවශ්‍ය නොවූ බවත්, එය හුදෙක් අදහස් බෙදාගැනීමක් පමණක් වන බවත්.

 

“අම්බානිගේ මඟුල් ගෙදර බෝම්බයක් පිපිරුවහොත් ලෝකයෙන් අඩක් උඩු යටිකුරු වනු ඇතැයි යන සිතුවිල්ලක් මගේ සිතට නැඟුණි.

එක් පින් කේතයකින් ඩොලර් ට්‍රිලියන ගණනක්...''

 

එම සටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයෙකුගේ ම ඔත්තුවකින් පසු ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 

කෙසේ නමුත් මෙම අනියත බෝම්බ බිය ප්‍රෝඩාවක් ලෙස ගත්තද, විවාහ උත්සවය පැවති 'ජියෝ වර්ල්ඩ්' පරිශ්‍රයේ ආරක්ෂාව වඩාත් තර කර තිබූ බව සඳහන්.

 

දේශීය, විදේශීය ප්‍රභූන් සහභාගී වන තැනක ආරක්ෂාව පිළිබඳව කොහොමත් ඉහළ අවදානයක් යොමු වන නමුත්, බෝම්බ බිය හේතුවෙන් ආරක්ෂාව ගැන තව තවත් සැලකිලිමත් වූ බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නෙ.

views

347 Views

Comments

arrow-up