වසර 22කට පෙර අතුරුදන් වූ කඳු නගින්නෙකුගේ දේහයක් සොයාගනී - කල් ගතවුවත් සිරුර හොඳින් ආරක්ෂා වෙලා තිබිලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

වසර 22කට පෙර අතුරුදන් වූ කඳු නගින්නෙකුගේ දේහයක් සොයාගනී - කල් ගතවුවත් සිරුර හොඳින් ආරක්ෂා වෙලා තිබිලා

වසර 22කට පෙර අතුරුදන් වූ කඳු නගින්නෙකුගේ දේහයක් සොයාගනී - කල් ගතවුවත් සිරුර හොඳින් ආරක්ෂා වෙලා තිබිලා

වසර 22කට පෙර පේරු හි හිම කඳු මුදුනක් තරණය කරමින් සිටියදී අතුරුදන් වූ අමෙරිකානු කඳු නගින්නෙකුගේ සිරුරක් හමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

'විලියම් ස්ටැම්ප්ෆ්ල්' ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා මෙලෙස අතුරුදන්ව ඇත්තේ 2002 වසරේ ජූනි මාසයේදීයි. එවකට ඔහු 59 වන වියේ පසු වූ බව සඳහන්.

 

කඳු තරණයේදී හිම කුණාටුවක් ඔහුගේ ගමනට බාධා කර තිබූ අතර මීටර් 6,700කට වඩා උසකින් යුත් 'Huascaran' කඳු මුදුන විලියම් ස්ටැම්ප්ෆ්ල්ව සදහටම එහි වළදමා තිබෙනවා.

 

අතුරුදන් වීම සැලවූ වහාම එවකට ඔහුව සොයා ගලවා ගැනීමේ උත්සාහයන් දියත් කර ඇති නමුදු, ඒ සියල්ල ඵල රහිත වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 

පේරු බලධාරීන් සඳහන් කරන්නේ මෑත කාලීනව කඳුකරයේ අයිස් දියවීමෙන් පසු ඔහුගේ දේහය අයිස් මතින් නිරාවරණයව ඇති බවයි.

 

ඒ අනුව නිරාවරණය වූ දේහයේ සිරුරු කොටස් සේම ඔහුගේ ඇඳුම්, බූට් සපත්තු පවා හොඳින් ආරක්ෂා වී තිබුණු බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

 

ඊසානදිග පේරු කඳුකරය, Huascaran සහ Cashan වැනි හිම කඳු මුදුන්වල නිවහනක් වන අතර ඒවා ලොව පුරා සිටින කඳු නගින්නන්ගේ ප්‍රියතම ගමනාන්ත වන බව සඳහන්.

 

මෑතකාලීනව ඉන් වාර්තා වූ මරණ අතර මැයි මාසයේදී ඊශ්‍රායල කඳු නගින්නෙකුගේ මළ සිරුර ඔහු අතුරුදන්ව වී මාසයකට පමණ පසු එහි තිබී සොයා ගන්නා ලද බව කියවේ.

views

221 Views

Comments

arrow-up