අන්තර්ජාලය කැළඹූ සෙලෙන්ස්කිගේ බිරිඳ පෙනී සිටින වීඩියෝවේ ඇත්තම කතාව මෙන්න

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ බිරිඳ (Olena Zelenska) පසුගිය මාසයේ පැරිස් සංචාරය අතරතුරදී සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගත් බව කියන වීඩියෝව ව්‍යාජ එකක් (Deepfake video) බවට අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එම වීඩියෝව රුසියාවට සම්බන්ධ වැරදි තොරතුරු ජාලයක කොටසක් විය හැකි බව සඳහන්.
AI තාක්ෂණය මඟින් නිර්මාණය කරැති වීඩියෝවට අනුව පැරිසියේ Bugatti අලෙවි නියෝජිත ආයතනයේ සේවකයෙකු විසින් ඔලේනා එහි නව මාදිලිය වන Bugatti Tourbillon ජූනි 7 වන දින යුරෝ මිලියන 4.5කට (ඩොලර් මිලියන 4.8ක් පමණ) මිල දී ගත් බව ප්‍රකාශ කරයි.
ඒ අනුව සයිබර් ආරක්ෂණ සමාගමක් වන Recorded Future හි පර්යේෂකයෙකු වන ක්ලෙමන්ට් බ්‍රයන්ස් පෙන්වා දී ඇත්තේ අදාළ වීඩියෝව අමුතු උච්චාරණයන් සහිත බවත් තොල් සහ මුඛය ආශ්‍රිත චලනයන් වඩාත් ව්‍යාජ සලකුණු පෙන්නුම් කරන බවයි.
කෙසේ නමුත් මෙම වීඩියෝව X හි පැය 24ක් තුළ මිලියන 18ක් පමණ නැරඹුම් වාර හිමිකරගෙන තිබූ අතර රුසියානු හිතවාදී සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් විසින් එය නැවත නැවත පළ කර තිබීම නිසාවෙන් කතාබහ වඩාත් උණුසුම් කර තිබුණා.
විදෙස් වාර්තාවන්ට අනුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් Bugatti සමාගම සඳහන් කර ඇත්තේ, Car Lovers Group සමාගමක් වන Autofficina Parigi විසින් මෙහෙයවනු ලබන පැරිසියේ අදාළ අලෙවි නියෝජිත ආයතනය සාපරාධී වැරදි කිහිපයකට ම වගකිව යුතු බවත් මෙයාකාර වැරදි තොරතුරු සමාජගත කිරීම දැඩි ලෙස හෙළා දකින බවත් ය.
243 Views
Comments