පෙම්වතියට උපන්දින සුබපැතුම්පතක් අරන් දෙන්න පන්සලේ පිංකැටෙන් 130ක් ඉස්සූ සිසුවාට අවසානයේ අත්වුණු ඉරණම

තම පෙම්වතිය වෙත උපන්දින සුබ පැතුම්පතක් මිලදී ගැනීම සඳහා කොළඹ ප්‍රසිද්ද විහාරස්ථානයකට අයත් පිං කැටයකින් රුපියල් 130 ක් සොරකම් කළැයි අත්අඩංගුවට ගත් 14 හැවිරිදි සිසුවකු පරිවාස භාරයට පත් කරන ලෙස අධිකරණය අද නියෝග කලා.
එලෙස පරිවාස භාරයේ තබන ලෙස නියෝග කළේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවක්.
සැකකාර සිසුවා තම බාලවයස්කාර පෙම්වතිය වෙත උපන්දින සුබ පැතුම්පතක් දීම සඳහා පිං කැටය තුළ තිබූ රුපියල් 130 ක් සොරකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් අධිකරණය වෙත දන්වා තිබෙනවා.
සැකකාර සිසුවා පවසන සිද්ධිය සත්‍ය දැයි දැන ගැනීම සඳහා සිය පෙම්වතිය ලෙස හඳුන්වනු ලැබූ දැරියගේ දුරකථන අංකයට පොලිසිය මගින් ඇමතුම් ගත් බවත්, එහිදී එම දැරිය ඉතා කුඩා වයස් සීමාවක පසුවන දැරියක් බව අනාවරණ වූ බවත් අනාවරණයව තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකාර සිසුවා පරිවාසභාරයේ තබන ලෙස නියෝග කළේ ය.
304 Views
Comments