“මට ඔයාව බඳින්න බෑ” - මන්ත්‍රී පෙම්වතා කියූ දෙයින් කිපුණු දොස්තර පෙම්වතිය පෙම්වතාට කලදේ මෙන්න

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සරාන් හි 25 හැවිරිදි වෛද්‍යවරියක් විසින් මන්ත්‍රීවරයෙකු වන සිය පෙම්වතාගේ රහස් ප්‍රදේශය කපා දමා ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරට ලත් මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්.
සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති වෛද්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ, අවිවාහකයින් වන තමන් දෙදෙනා පසුගිය වසර පහක කාලය තුළ අනියම් සබඳතාවක් පැවැත්වූ නමුත් තමන් විවාහ යෝජනාවක් ගෙනා විට ඔහු තමන්ව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.
කෙසේ නමුත් තමන් උසාවියේදී ලියාපදිංචි විවාහයක් සඳහා පෙම්වතාව කැමති කරගත් නමුත් නියමිත දිනට ඔහු නොපැමිණි බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමෙන් පසු වෛද්‍යවරිය, මන්ත්‍රීවරයාව සිය නිවසට කැඳවා ඇති අතර නිවස තුළදී මන්ත්‍රීවරයාගේ රහස් ප්‍රදේශය කපා දමා ඇති බවයි.
පසුව මන්ත්‍රීවරයාගේ කෑගැසීම ඇසුණු අසල්වාසීන් ඒ පිළිබඳව පොලිසියට දන්වා ඇති බව සඳහන්.
පොලිසිය නිවසට පැමිණෙන විටත් මන්ත්‍රීවරයා අසාද්‍යව ඇඳක් මත වැටී සිටිනු දක්නට ලැබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ විවාහයක් මුවාවෙන් තමාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට ද අදාළ වෛද්‍යවරිය විසින් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල කර ඇති බවයි.
653 Views
Comments