“අපි හෙමින් හෙමින් ජීවිතේ ඉස්සරහට ‍යමු. කාටවත් බරක් නොවී...” - නිරෝෂාගේ දෝණිට දැන් අවුරුදු 5යි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

“අපි හෙමින් හෙමින් ජීවිතේ ඉස්සරහට ‍යමු. කාටවත් බරක් නොවී...” - නිරෝෂාගේ දෝණිට දැන් අවුරුදු 5යි (PHOTOS)

“අපි හෙමින් හෙමින් ජීවිතේ ඉස්සරහට ‍යමු. කාටවත් බරක් නොවී...” - නිරෝෂාගේ දෝණිට දැන් අවුරුදු 5යි (PHOTOS)

රංගනය සහ නර්තනය තුළින් අසීමිත රසික ආදරයක් ලබන ජනප්‍රිය තාරකාවකි, නිරෝෂා තලගල.

 

නම කියූ සැනින් රුව මතකයට නැඟෙන, කළ චරිත මතකයට නැඟෙන සීමිත තරු අතර ඇයත් ඉහළින්ම ඉන්නවා.

 

දක්ෂතාවය සහ හැකියාව තුළින් ගොඩනඟාගත් ජනප්‍රියත්වයකට හිමිකම් කියන ඇය, එදත් අදත් එකම වගේ බැබළෙන තරු ගුණයකින් යුක්තයි කිව්වොත් හරි.

 

නිරෝෂා ගැන කියලා කතාබහ පටන් ගත්තට මොකද, මේ සටහනෙ කතා නායිකාව ඇය නම් නෙවෙයි.

 

'ඕජි ඖරංගනා'

 

ඒ තමයි නිරෝෂාගේ ලෝකය. එහෙමත් නැත්නම් නිරෝෂාගේ 'ඕජි මැණික'

 

මේ පුංචි කිරිල්ලිට දැන් අවුරුදු 05ක්.

 

පොඩ්ඩො ලොකු වෙන්නෙ බලාගෙන ඉද්දි කියනවනෙ. ඕජි මැණිකත් එහෙමයි. හරි ඉක්මනට ලොකු වෙලා.

 

 

දෝණිගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.

 

දෝණිට උපන්දිනයට සුබ පැතුම් එක්කාසු කරන්න, අම්මා අපූරු වචන ටිකක් පෙළගස්වලා. ආදරණීය වචන ටිකක්.

 

''ඕජි ඖරංගනා

මගේ ඕජී මැනික,,,

අම්ම්ගේ ලෝකයට

ඔයා ආපු දවසේ ඉදන්

මගේ ජීවිතයම සම්පූර්ණ වුනා...

මතකයි මගේ පන,

අම්මගේ,

පපුව උඩට මැනිකව දෙද්දි

ආපු හද ගැස්ම

තාමත් ඒ ලේ සුවද දැනෙනව මට...

අවුරුදු 05ක් වුනා,,

පොලවෙ පය ගහලා ඔයත් යන්න පටන් ගත්තා

අම්මෝ ඔයාගේ දග මැනික

ඔයාගේ කෝලම්,හුරතල් ,ඔක්කොම බලාගෙන

අම්මි ඒවා විදිනවා,,දවසින් දවස ඔයා වෙනස් වෙනවා,,,,හුරතලේ වෙනස් වෙද්දි ලෝබයි

ගොඩක් දුර යන්න ඕන මැනික,,,

අම්මගේ අතින් අල්ලන්

අපි හෙමින් හෙමින් ජීවිතේ ඉස්සරහට ‍යමු.

කාටවත් බරක් නොවී.

ආදරෙයි මුලූ ලෝකෙටම වඩා

බුදුසරණයි මගේ දෝනිට...

හැමෝටම ආදරනීය ,

ගුනගරුක යහපත් දරුවෙක්ම වේවා''

 

 

ඒ වචන ටික වගේම ආදරේ පිරුණු ඡායාරූප එකතුවකුත් දෝණිගේ උපන්දිනය වෙනුවෙන් මේ විදියට කැමරා කාචයට හසුකරගෙන තිබුණා.

 

 

 

 

views

3845 Views

Comments

arrow-up