“තාත්තා මාර පොසිටිව්, ඒ නිසා ඒ අමාරු කාලේ පහසුවෙන් ගෙවාගන්න පුලුවන් වුණා” - තාත්තාගේ ශක්තිය ගැන යසස් කියූ කතාව (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

“තාත්තා මාර පොසිටිව්, ඒ නිසා ඒ අමාරු කාලේ පහසුවෙන් ගෙවාගන්න පුලුවන් වුණා” - තාත්තාගේ ශක්තිය ගැන යසස් කියූ කතාව (VIDEO)

“තාත්තා මාර පොසිටිව්, ඒ නිසා ඒ අමාරු කාලේ පහසුවෙන් ගෙවාගන්න පුලුවන් වුණා” - තාත්තාගේ ශක්තිය ගැන යසස් කියූ කතාව (VIDEO)

ඔහු රටක් ආදරය කරන සංගීත ශිල්පියෙක් ඒ වගේම තමගේ ගමන ඉදිරියට ගෙන යන්න ඔහු තවත් පුරුකක් ඉදිරි පරම්පරාවටත් එක්කර හමාරයි..

 

සෝමසිරි මැදගෙදර, නොමියන ගීත රැසක නිර්මාණශිල්පියෙක් වෙන ඔහුගේ ගීතවලට අදටත් බොහෝ දෙනා ආදරය කරනවා.. ඒ වගේමයි එතුමාගේ ආදරණීය පුතා.. යසස් මැදගෙදර කියන්නේ අද වෙනකොට ගොඩක් දෙනෙක් අත‍ර ජනප්‍රිය චරිතයක්..

 

ඒ ඔහු ගයන ගීත, ඔහු අතින් සංගීතවත් වෙන ගීත ඒ තරමටම මිහිරි නිසා කියලා කියන්න පුළුවන්.. ඉතින් මේ කියන්න යන්නේ ඒ අයගේ ජීවිතේ ගෙවුණ අමිහිරි කාලයක් ගැන යසස් කියූ කතාවක්..

 


ඔහුගේ පියා කාලයක් පිළිකා රෝගයකින් පීඩා විඳලා.. ඒ කාලය තුළදී ඔවුන් හිත්වලින් කඩා වැටුණත් යසස් නම් කියන්නේ තාත්තා කොයි වෙලාවක වත් ඝෘණාත්මක විදිහට හිතුවේ නැහැ කියලා..

 

ඒ නිසා ඒ අමාරු කාලේ ඔවුන්ට පහසුවෙන් ගෙවාගන්න පුළුවන් වුණා ලු.. ඒ විතරක් නෙවෙයි.. තාත්තාගේ ශක්තිය ගැන එක දිගට පුතා මෙහෙම කියන කොට සෝමසිරි මැදගෙදර නම් වූ මේ ප්‍රවීණ ගායන ශිල්පියා කියා සිටියේ පුතාගේ ශක්තිය වගේම ඔහුගේ වචනත් තමගේ මේ අමාරු කාලය ගෙවා දමන්න ඔහුට ශක්තියක් වුණා කියලා.. 

 


 

views

330 Views

Comments

arrow-up