මල්ගම්මනෙන් හමුවූ හිතාගන්නවත් බැරි දුර්ලභදේ - ඔබත් දැක්කොත් පුදුමවෙයි (PHOTOS)

පිළිමතලාව මල්ගම්මන ප්‍රදේශයෙන් කිලෝග්‍රෑම් 44ක් බර මඤ්ඤොක්කා අලයක් හමු වුණා පුවතක් වාර්තා වෙනවා.
අවුරුදු 63ක් වූ විශ්‍රාමික සුබසිරි විජේසුන්දරගේ නිවසින් මෙම මඤ්ඤොක්කා අලය හමුව තිබේ.
ඔහු පුරුද්දක් වශයෙන් එදිනෙදා ජීවිතයට ගෙවතු වගාවන් සිදු කරමින් සිටින අතර එම වගාවන් ඔවුන්ගේ අවශ්‍යතාවන් සදහා පරිභෝජනයට ගෙන ඉතිරිය අලෙවි කර ආර්ථිකමය වාසි ලබා ගනු ලබයි.
මොහු විසින් ඔහුගේ ගෙවත්තෙ කිරිකවඩි නම් මඤ්ඤොක්කා ප්‍රභේදයේ රිකිල්ලක් අවුරුද්දකට පමණ පෙර සිටුවන ලද අතර එම ශාකය විශාල ලෙස වැඩුනු නිසා එම මඤ්ඤොක්කා ගස ඊයේ දින ගැලවීමට පටන් ගෙන ඇත.
එහිදී ඔහු විමතියට පත් කරමින් විශාල මඤ්ඤොක්කා අලය හමුව ඇති අතර මෙය කිරා බැලීමෙන් පසු කිලෝ 44ක් තිබූ බවයි ඔහු සඳහන් කර සිටියේ.
4401 Views
Comments