අභිෂේක් - අයිෂ්වර්යා දික්කසාදය තහවුරු වෙයි ? - අම්බානි වෙඩිමෙන් සාක්ෂි එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

අභිෂේක් - අයිෂ්වර්යා දික්කසාදය තහවුරු වෙයි ? - අම්බානි වෙඩිමෙන් සාක්ෂි එළියට

අභිෂේක් - අයිෂ්වර්යා දික්කසාදය තහවුරු වෙයි ? - අම්බානි වෙඩිමෙන් සාක්ෂි එළියට

අයිෂ්වර්යා - අභිෂේක් දෙපළගේ විවාහය දෙදරා ගිහින් ඇති බවට, පහුගිය කාලය පුරාවටම 'කටකතා' පැතිරෙන්න ගත්තා.

 

පොඩි පොඩි හේතු කාරණා මත එහෙම කතා පැතිරෙන්න ගත්තට මොකද, ඊට නිල තහවුරු කිරීමක් නම් තිබුණෙ නෑ.

 

කොහොම නමුත් ආයෙමත් මේ 'දික්කසාද කතාව' ඇදිලා ඇවිත්.

 

ඒ, පහුගිය දවසක පැවති 'අම්බානි පවුලේ විවාහ මංගල්‍යයත්' එක්ක.

 

කතාව ඇදිලා එන්න හේතු වුණේ අයිෂ් ඇගේ දියණිය ආරාධ්‍යා එක්ක වෙනමත් අභිෂේක් ඔහුගේ දෙමාපියන් එක්ක වෙනමත් වෙඩිමට සහභාගී වීම.

 

බච්චන් පවුල සමන්විතව තිබුණෙ අමිතාබ් බච්චන් ,ඔහුගේ බිරිඳ ජයා, පුත් අභිෂේක්, දියණිය ශ්වේතා, මිණිබිරිය නව්‍යා නවේලි නන්දා සහ බෑනා වන නිඛිල් නන්ද එක්ක.

 

එහෙම ආව ඔවුන් කැමරා කාච ඉස්සරහට ඇවිත් තිබුණෙත් වෙන වෙනම. ඒ කියන්නෙ අයිෂ් පින්තූරවලට පවා පෙනී සිටියේ ආරාධ්‍යා සමඟ මිස පවුලේ අනෙකුත් අය එක්ක නෙවෙයි.

 

 

මේ වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙන්න පටන් ගත්තැයින් පස්සෙ, කවුරු නමුත් අවදානය යොමු කළේ අයිෂ් - අභිෂේක් විවාහයේ ගැටළු මතුවෙමින් ඇති බවට පැතිර යන කතාව දිහාවට.

 

ඒ කොහොම නමුත් අයිශ්වර්යා සහ අභිෂේක් සමීපයේ සිටින ඡායාරූපයක් ද ඒත් එක්කම හුවමාරු වෙන්න අරන් තිබුණා.

 

 

මේ ඔක්කෝම අයිෂ් - අභිෂේක් ගැන ඇහෙන කටකතා මිස, තහවුරු කරන ලද ඒවා නෙවෙයි.

ඒ නිසාම අපි කලබල නැතිව බලාගෙන ඉමු, කොයි වෙලාවක හරි මේ කතාවේ ඇත්ත නැත්ත එළියට ඒවි.

views

3257 Views

Comments

arrow-up