ජෝර්ජ් කුමරුට දැන් වයස 11යි - ඒ වෙනුවෙන් මව වන කේට් කුමරිය කලදේ මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ජෝර්ජ් කුමරුට දැන් වයස 11යි - ඒ වෙනුවෙන් මව වන කේට් කුමරිය කලදේ මෙන්න (PHOTOS)

ජෝර්ජ් කුමරුට දැන් වයස 11යි - ඒ වෙනුවෙන් මව වන කේට් කුමරිය කලදේ මෙන්න (PHOTOS)

විලියම් - කේට් යුවළගේ වැඩිමල් පුතු වන ජෝර්ජ් කුමරුගේ උපන්දිනය ඊයේ (22)

 

ඒ කියන්නේ ජෝර්ජ් කුමරුට ඊයේට අවුරුදු 11 යි.

 

කුමරුගේ උපන්දිනය වෙනුවෙන් කෙන්සිංටන් මාලිග‍යෙන් නව ඡායාරූපයකුත් නිකුත් කරලා.

 

එහි විශේෂත්වය වෙන්නෙ, ඡායාරූපය අරන් තියෙන්නෙ වේල්ස් කුමරිය විසින් වීම.

 

කේට් කුමරිය නිතර නිතර සිය පවුලේ ඡායාරූප ගැනීම සාමාන්‍ය කාරණාවක්. එහෙම ගන්නා ඡායාරූප උපන්දින සහ විශේෂ අවස්ථා සනිටුහන් කරමින් සමාජ මාධ්‍යවල බෙදාගන්නා අයුරු දැකිය හැකියි.

 

ඡායාරූපය අන්තර්ජාලයට එක්කාසු කරමින්,

 

''Wishing Prince George a very happy 11th birthday today!'' යනුවෙන් සටහනක් ද තබා ඇති අයුරු දක්නට ලැබුණා.

 

 

ජෝර්ජ් කුමරු, නිල වශයෙන් සිංහාසනයේ දෙවන උරුමක්කාරයා. ඒ වගේම ඔහු රජ පවුලේ කටයුතුවලදී කැපී පෙනෙන සාමාජිකයෙක්.

 

 

ඒ අනුව බ්‍රිතාන්‍ය රජතුමාගේ උපන්දිනය සැමරීමේ වාර්ෂික සැමරුම වන Trooping the Colour හිදීත්, තම පියා සහ සහෝදරිය සමඟ Taylor Swiftගේ ප්‍රසංගයකට සහභාගී වූ අවස්ථාවේදීත් මෑතකාලීනව ජෝර්ජ් කුමරු ගැන කාගෙත් අවදානය යොමුව තිබුණා.

 

 

ආසන්නතම වශයෙන් ඔහුව දකින්න ලැබුණේ, එංගලන්තය සහ ස්පාඤ්ඤය අතර UEFA යුරෝපීය ශූරතා පාපන්දු තරගයට විලියම් කුමරු සමඟ සහභාගී වූ අවස්ථාවේ දී.

 

විලියම් - කේට් යුවළ විසින් මේ විදියට 'රාජකාරීමය' අවස්ථාවන්ට කුමරුව නිතර නිතර එක්කාසු කරගැනීම තුළ, දිනෙක ඔහු රාජකීය රාජකාරිවලට නිල වශයෙන් මාරු වන විට ඒවා වඩාත් පහසු වනු ඇති බවයි විචාරක මතය.

 

views

603 Views

Comments

arrow-up