සමාජ මාධ්‍යය කැළඹූ හුරුබුහුටි, සුන්දර වෙඩික්කාරිය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

සමාජ මාධ්‍යය කැළඹූ හුරුබුහුටි, සුන්දර වෙඩික්කාරිය (PHOTOS)

සමාජ මාධ්‍යය කැළඹූ හුරුබුහුටි, සුන්දර වෙඩික්කාරිය (PHOTOS)

ඔලිම්පික් රස කතා අතර මේ වෙද්දි සමාජ මාධ්‍යයේ පොදු ක්‍රෂ් එකක් වුණු ඔලිම්පික් චරිතයක් තමයි, 'Kim Yeji'

 

ගොඩක් දෙනා ඇයව හඳුන්වන්නෙ, ''coolest athlete at the Olympics'' හැටියට.

 

කිම් යෙජි 31 හැවිරිදි දකුණු කොරියානු ක්‍රීඩිකාවක්.

 

 

මෙවර පැරිස් ඔලිම්පික් හි පැවති මීටර් 10, වායු පිස්තෝලයෙන් වෙඩි තැබීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගන්න සමත්කම් දක්වන්නේත් ඇය. එම ඉසව්වේ රන් පදක්කම දිනාගන්නේ ඇගේ 19 හැවිරිදි සගයා වන ඕ යේ ජින්.

 

 

කිම් යෙජිට බහුතරයක් ක්‍රෂ් වෙන්න හේතුව, ඇගේ හුරුබුහුටි සුන්දරත්වය කිව්වොත් හරි.

 

ඒ වගේම ඇගේ ඇඳුම් ආයිත්තම්, ඇගේ බැල්ම යනාදී සියල්ලම සමත්කම් දක්වනවා, ඈ කෙරෙහි කාගෙත් නෙත් සිත් වශී කරවීමට.

 

විශේෂම කාරණය තමයි ඈ අතේ ඉන්න පුළුන් පිරවූ අලි පැටියා. ඊට ආකර්ෂණය වූවන් සෑහෙන්න.

 

කිම් යෙජිගේ මෙවර ඔලිම්පික් සේයා රූ එක්කම තවත් වීඩියෝවක් වයිරල් වෙන්න පටන් අරන්.

 

ඒ ඇය මැයි මාසයේදී අසර්බයිජානයේදී තරග කරන පැරණි වීඩියෝවක්. නමුත් ඒ වටා මේ වෙද්දි අළුත් පිරිසක් එක්කාසු වෙලා.

 

දින කිහිපයක් ඇතුළත එය මිලියන 7 කට එහා ගිය නැරඹුම් වාර හිමිකරගෙන.

 

 

views

339 Views

Comments

arrow-up