“මට මගේ ජීවිතය රැකගත යුතුව තිබුණා” - පැරිස් ඔලිම්පික් උණුසුම් කළ, කෙලිෆ්ගේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

“මට මගේ ජීවිතය රැකගත යුතුව තිබුණා” - පැරිස් ඔලිම්පික් උණුසුම් කළ, කෙලිෆ්ගේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව

 “මට මගේ ජීවිතය රැකගත යුතුව තිබුණා” - පැරිස් ඔලිම්පික් උණුසුම් කළ, කෙලිෆ්ගේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව

ඔලිම්පික් උළෙල අතරතුර අහන්න ලැබෙන කතා අතර ඉතාලියේ බොක්සිං ක්‍රීඩිකා Angela Carini ගෙ කතාව කෙරෙහි මේ වෙද්දි කාගෙත් අවදානය යොමුවෙලා.

 

කරිනි, ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ්ට (Imane Khelif) එරෙහිව තත්පර 46ක් ඇතුළත ඔලිම්පික් තරගය අතහැර දැමුවේ “මට මගේ ජීවිතය රැකගත යුතුව තිබුණා” යැයි පවසමින්.

 

 

සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය වසරේ කාන්තා ලෝක ශූරතාවලියෙ නුසුදුස්සන්ගෙන් කෙනෙක් වූ කෙලිෆ්, ඉන් පැරිස් ඔලිම්පික් හි කාන්තා බොක්සිං සඳහා තරග කිරීමට අවසර ලබා ඇති ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගෙන් කෙනෙක්.

 

ඇල්ජීරියාවේ ඉමානේ කෙලිෆ් සහ ඉතාලියේ ඇන්ජෙලා කරිනි අතර ඊයේ (01) තරගය වේලාසනින් හා අනපේක්ෂිත ලෙස නිමාවට පත් වුණේ කෙලිෆ්ගේ පහරකින් කරිනි තරගය අතහැර දැමීමත් එක්ක.

 

එය තරගය වේලාසනින් හා අනපේක්ෂිත ලෙස නිමාවට පත් කිරීමක් කිව්වොත් නිවැරදියි.

 

ඊයේ තරගය ගැන කෙටියෙන් සඳහන් කළොත්, තරගය ආරම්භ වී තත්පර 46ක් වැනි කෙටි කාලයකදී 25 හැවිරිදි කරිනි වළල්ලෙන් ඉවත් වෙනවා. ඒ ඇය ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව සමඟ පහරවල් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව කඳුළු සලමින් සහ දණින් වැටීමෙන් පසු !

 

කෙටි කාලයකින් තරගය නිම කළ කරිනි, ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කෙලිෆ්ට අතට අත ද නොදුන් බවයි සඳහන් වෙන්නෙ.

 

මේ සිදුවීමත් එක්ක 'කෙලිෆ්ගේ ස්ත්‍රී පුරුෂ භාවය' ගැටළු සහගත තැනකට ඇවිත්. ඒ සම්බන්ධ මත කිහිපයක් ම හුවමාරු වෙන්න පටන් අරන්.

 

කෙලිෆ් උපතින් ස්ත්‍රියක් නමුත් ඇයගේ පුරුෂ හෝමෝන ඉහළ මට්ටමක පවතිනවා ය යන්න ඉන් එකක්. තවත් කතාවක් නම් කෙලිෆ් උපතින් පුරුෂයෙක් නමුත් පසුව transgender වූවෙක් බව.

 

AP වාර්තාවකට අනුව, 2023 වසරේ බොක්සිං ලෝක ශූරතාවලියේදී 'නිශ්චිත නොවන ස්ත්‍රී පුරුෂ භාවය' (ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළය) හමුවේ කෙලිෆ් සුදුසුකම් පරීක්ෂණයකින් අසමත් වීමෙන් පසු නුසුදුස්සකු බවට පත්වෙනවා.

 

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) සභාපති උමාර් ක්‍රෙම්ලෙව්ට අනුව සඳහන් වෙන්නෙ, කෙලිෆ් සහ සුදුසුකම් සපුරාලිය නොහැකි වූ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ DNA පරීක්‍ෂණයෙන් "ඔවුන්ට XY වර්ණදේහ ඇති බව ඔප්පු වී ඇති අතර එම නිසා ඔවුන් ක්‍රීඩා ඉසව්වලින් බැහැර කරන ලදී" යන්නෙන්.

 

එම අවස්ථාවේ දී, කෙලිෆ් කියා සිටියේ මෙම තීන්දුවෙන් අදහස් වන්නේ "මට කාන්තාවන් සමඟ තරගයට යාමට නොහැකි බව පෙන්නුම් කරන ලක්ෂණ" ඇති බවයි, නමුත් මෙම නුසුදුසුකම "විශාල කුමන්ත්‍රණයක" ගොදුරක් බව‍යි යන්නෙන්.

 

කොහොම නමුත් ඇය මේ හේතුවෙන් අභියාචනයක් ද ඉදිරිපත් කළ බවත් පසුව එය ඉල්ලා අස්කරගත් බවත් සඳහන්.

 

කෙලිෆ් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, කරිනි සඳහන් කර තිබුණේ 'සටනේ ආරම්භක තත්පරවලදී කෙලිෆ්ගේ පහරදීමෙන් පසු ඇගේ නාසයට දැනුණු අධික වේදනාව නිසා සටනෙන් ඉවත් වීමට තමාට සිදු වූ බව'

 

"මට මගේ නාසයේ දැඩි වේදනාවක් දැනුණා....''

 

 

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ 'ලිංග ප්‍රශ්න පදනම් කරගෙන තමා කෙලිෆ්ව ප්‍රතික්ෂේප නොකළ බවත්, තමන් කිසිදු දේශපාලනික ප්‍රකාශයක් නොකළ බවත්'

 

එහිදී කෙලිෆ්ට සටන් කිරීමට ඉඩදිය යුතුද යන්න ගැනත් කරිනිගෙන් ප්‍රශ්න කර තිබුණා. ඊට ඇය ලබාදී තිබුණේ මෙවන් පිළිතුරක්...

 

“මම මෙහි සිටින්නේ විනිශ්චය කිරීමට නොවේ.

එය තීරණය කිරීම මා සතු වගකීමක් නොවේ.

මම බොක්සිං ක්‍රීඩකයෙක් විදිහට මගේ රාජකාරිය කළා විතරයි...''

 

 

මෙම සිදුවීමත් සමඟ දැඩි විවේචනයට ලක්ව ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC), ක්‍රීඩා උළෙලට තරග කිරීමට ඇති කෙලිෆ්ගේ අයිතිය ආරක්ෂා කිරීම සම්බන්ධව දැඩි චෝදනා ලබයි.

 

කෙලිෆ් පමණක් නොව, 'තායිවානයේ ලින් යූ-ටිං' පසුගිය වසරේ පැවති ලෝක ශූරතාවලියේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සුදුසුකම් පරීක්ෂණයකින් අසමත් වීමෙන් ඉවත් වූ නමුදු පැරිසියේදී සටන් කිරීමට සුදුසුකම් ලබා සිටියි.

 

ඒ අනුව IOC සඳහන් කරන්නේ පැරිස් ඔලිම්පික් හි සියලුම බොක්සිං ක්‍රීඩකයින් "තරගයේ සුදුසුකම් සහ ඇතුල්වීමේ රෙගුලාසිවලට අනුකූල වන" බවයි.

 

එහිදී IOC ප්‍රකාශක මාර්ක් ඇඩම්ස් විසින්,

 

"මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසර ගණනාවකට පෙර බොහෝ වාර ගණනක් තරග කර ඇත. ඔවුන් හදිසියේම පැමිණ නැත" යන්නෙන් ද අවධාරණය කර තිබුණා.

 

views

2187 Views

Comments

arrow-up