සිංහබාහු සහ නිසල්ගේ චරිත වෙනුවෙන් ජනප්‍රිය නළු සජිත අනුත්තර, අන්තර්ජාතික සිනමා උළෙලක හොඳම නළුවා අංශයට නිර්දේශ වෙයි

ජනප්‍රිය රංගන ශිල්පි සජිත අනුත්තර, Bayelsa අන්තර්ජාතික සිනමා උළලේ (Bayelsa International Film Festival) 2023 සහ 2024 වසර සඳහා හොඳම නළුවා අංශයට නිර්දේශ වී තිබෙනවා.
ඒ, 'සිංහබාහු' චිත්‍රපටයේ 'සිංහබාහු' චරිතයත් ,'සිහින සමීකරණ' චිත්‍රපටයේ 'නිසල්ගේ' චරිතයත් වෙනුවෙන්.
BIFF යනු, ජාත්‍යන්තර සහ දේශීය චිත්‍රපට නිෂ්පාදකයින් සහ කීර්තිමත් පුද්ගලයින් සඳහා අධ්‍යාපනය ලබාදෙන චිත්‍රපට උළෙලක් පැවැත්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර වේදිකාවකි.
සජිතට අමතරව සිංහබාහු සිනමා පටයේ තවත් චරිත රැසක් Bayelsa අන්තර්ජාතික සිනමා උළලේ සම්මාන සඳහා නිර්දේශව තිබෙනවා.
492 Views
Comments