“ඔබට පේන්නෙ දෙන්නෙක්, නමුත් ඇත්තටම එතන තුන්දෙනෙක් ඉන්නවා” - සත් මස් ගැබිණියක් වී ඔලිම්පික් ගිය, නාඩා හෆීස් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

“ඔබට පේන්නෙ දෙන්නෙක්, නමුත් ඇත්තටම එතන තුන්දෙනෙක් ඉන්නවා” - සත් මස් ගැබිණියක් වී ඔලිම්පික් ගිය, නාඩා හෆීස් (PHOTOS)

“ඔබට පේන්නෙ දෙන්නෙක්, නමුත් ඇත්තටම එතන තුන්දෙනෙක් ඉන්නවා” - සත් මස් ගැබිණියක් වී ඔලිම්පික් ගිය, නාඩා හෆීස් (PHOTOS)

විවිධ වූ කතා ඇහෙන ඔලිම්පික් තරග බිමෙන් අහන්න ලැබුණු වෙනස්ම කතාවක් තමයි, සත් මසක දරු ගැබක් දරාගෙන තරග වැදුණු නාඩා හෆීස්ගේ (Nada Hafez) කතාව.

 

ඊජිප්තු ෆෙන්සිං ක්‍රීඩිකාවක වන නාඩා හෆීස්, මෙවර ඔලිම්පික් උළෙලේ එම තරග ඉසව්වට සහභාගී වෙන්නෙ තවත් පුංචි ඔලිම්පික් තරුවක් කුස දරාගෙන.

 

එහෙම තරග කළ ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වෙනවා.

 

කොහොම නමුත්, ගැබිණියක් වුවත් ක්‍රීඩාව සහ ජීවිතය සමබරව ගෙන ගිය ඇයට ඔලිම්පික් උළෙලේ විශේෂ අවධානයක් යොමුව අවසන්.

 

 

26 හැවිරිදි නාඩා හෆීස්, තරග කිරීමෙන් අනතුරුවයි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ තමන් සත් මසක දරු ගැබක් සහිතව මෙවර ඔලිම්පික් උලෙළේදී තරග වැදුණු බව සඳහන් කරලා තිබුණෙ.

 

තවත් විශේෂ කාරණයක් නම් මේ ඇයගේ තෙවැනි ඔලිම්පික් උළෙල වීම‍යි.

 

''වේදිකාවේ සිටින්නේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෙස ඔබට පෙනුණත්, ඇත්තටම එතන තිදෙනෙක් !

ඒ මම, මගේ තරඟකරු සහ අපේ ලෝකයට තවම පැමිණ නැති, පුංචි බබා!

මම මේ සටහන ලියන්නේ 16 දෙනාගේ වටයේ මගේ ස්ථානය තහවුරු කර ගැනීම ගැන අභිමානය කීමටයි.

මගේ සැමියාගේ සහ මගේ පවුලේ අයගේ විශ්වාසය දිනාගැනීමට හැකිවීම ගැන මම වාසනාවන්තයි...''

 

 

 

 

views

11262 Views

Comments

arrow-up