“ඇත්තටම උතුරන්න ආදරේ තිබ්බා” - ආදරේ බෙදපු හිත්වලට අකිල කියූ කතාව (PHOTOS)

මෙදා සැරේ තමයි අකිලට වටිනම උපන්දින තෑග්ග ලැබුණෙ.
ගෙවුණු කාලයේ මුහුණ දෙන්න වුණු වෙහෙසකාරී ගොඩක් තැන් සනීප කරන්න ඒ තෑග්ගත් එක්ක අරන් ආව ''සහනය'' මුළු ඇන්තනී පවුලටම මහමෙරක් වගේ දැනෙනවාට සැකයක් නෑ.
ඇන්තනී පවුලේ පුංචිම සාමාජිකයා. අකිලගෙයි ඒමිගෙයි එකම පුතා. ආරණ්‍යයා දෝණිගෙ මල්ලි පොඩ්ඩ.
ඒ තමයි මේ සියලු සහනයන් අරන් ආව පුංචි කුමාරයා.
අලුත් අමුත්තා පිළිගන්න බලාගෙන හිටියෙ ඇන්තනී පවුල විතරක් ම නෙවෙයි.
ඔවුන්ට ආදරේ කරන කවුරුත් මග බලාගෙන උන්නා මේ පුංචි කුමාරයා පිළිගන්න.
ඒ නිසාම සුබපැතුම් එහෙම වැහි වැහැලා.
ඒ සේරටම අකිල, ආදරෙන් සටහන් තබා තිබුණා මේ විදියට...
''මේ ලෝකෙ හැම මිනිහෙක්ටම ගොඩාක් වෙලාවට සිද්ද වෙන්නේ සාමාන්‍ය ලෝකයේ,
සාමාන්‍ය මිනිස්සුන්ට සිද්දවෙන සාමාන්‍ය දේවල් විතරයි
ඒ දේවල් විඳින, විඳවන එක ඒ මිනිස්සුන්ම ගන්න තීරනයක්
තමංගේ සතුටක් වගේ ආදරෙන් දක්වපු ප්‍රතිචාරවල ඇත්තටම ආදරේ උතුරන්න තිබ්බා
තව දෙයක් මං කිසිම අදහසක්,ප්‍රතිචාරක් මඟ අරින්නේත් නෑ හරිද වැරදිද කියලා වැඩිය කියන්නේත් නෑ…
මොකද අපි කිසිම දේක හරි වැරැද්ද හරියටම දන්නේ නෑ..
කතාවක් තියෙනවා නේ?
"වැඩ නොකර ඔරලෝසුවේ වෙලාවත් දවසට 2පාරක් හරියටම හරි කියලා..."
සුභ දවසක්
දෙවි පිහිටයි හැමෝටම''
පුංචි අමුත්තා දැකගන්න ආදරෙන් බලාගෙන ඉන්න ආදරණීයන් වෙනුවෙන්, අළුත් පොටෝවක් සමාජ මාධ්‍යයට එක්කාසු කරන්නත් අකිල අමතක කරන්නෙ නෑ.
මේ එහෙම ඔබ වෙනුවෙන් එක්කාසු කළ සේයා රූ කිහිපයක්...
323 Views
Comments