කසාද බඳින එක හිරේ යනවා වගේ වැඩක් කියලා ඇහිලා තිබුණට ඇත්තටම දැකලා තිබුණෙ නෑ නේද? - එහෙනම් මේක පොඩ්ඩක් බලන්නකෝ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

කසාද බඳින එක හිරේ යනවා වගේ වැඩක් කියලා ඇහිලා තිබුණට ඇත්තටම දැකලා තිබුණෙ නෑ නේද? - එහෙනම් මේක පොඩ්ඩක් බලන්නකෝ (PHOTOS)

කසාද බඳින එක හිරේ යනවා වගේ වැඩක් කියලා ඇහිලා තිබුණට ඇත්තටම දැකලා තිබුණෙ නෑ නේද? - එහෙනම් මේක පොඩ්ඩක් බලන්නකෝ (PHOTOS)

කසාදයක් බඳින එක හිරේ යනවා වගේ වැඩක් කියලා අහලා තිබුණට, කසාද බැඳලා ඇත්තටම හිරේ යන මිනිස්සු ගැන ඇහිලා නැති තරම්නෙ.

 

ඔන්න එහෙම කතාවක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

 

ඇත්තම කතාව නම් කසාද බැඳලා අමුතුවෙන් හිරේ යන්න දෙයක් නෑ, මේ කියන මනමාලයා කොහොමත් උන්නෙ හිරේම තමයි !

 

ඔහු නමින් සන්දීප්. එහෙමත් නැත්නම් කලා ජාතේඩි.

 

ඔහුගේ අතගත් මනාලිය වුණේ අනුරාධා චෞද්‍රි නොහොත් ‘මැඩම් මින්ස්'

 

ඔවුන්ගේ විවාහය සිද්ද වෙලා තිබුණේ දැඩි පොලිස් ආරක්ෂාව මැද.

 

ඒ දිල්ලි නුවර ද්වාරකා ප්‍රදේශයේ උත්සව ශාලාවකදී. එය වෙන්කරවාගෙන තියෙන්නෙ සන්දීප්ගේ නීතීඥවරයා විසින් රුපියල් 51,000ක ගෙවීමක් කරලා.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන හැටියට මේ මංගල කටයුත්ත වෙනුවෙන් සන්දීප්ට පැය හයක සමාවක් ලබා දීලා තියෙනවා, දිල්ලි අධිකරණය විසින්.

 

පෙර වැරදි අතිශය භයානක ඒවා නිසාම මංගල්ලය කෙසේවෙතත් වෙන්න පුළුවන් ඕනෑම දෙයකට සූදානමින් ආරක්ෂක අංශ සීරුවෙන් ඉඳලා.

 

උදාහරණයක් හැටියට ඩ්‍රෝන යානා පවා යොදාගෙන තියෙනවා සහභාගිවන්නන් නිරීක්ෂණයට.

 

එහිදී පොලිස් භටයන් 250ක් සහ කමාන්ඩෝ භටයන් ද යොදවා සිටි බව සඳහන්.

 

මංගල උත්සවයේ හැම අස්සක් මුල්ලක් නෑරම CCTV කැමරා මඟින් නිරීක්ෂණයටත් ලක් කරලා.

 

ඒ වගේම නිල ඇඳුමින් සිටි පිරිසට අමතරව සෑහෙන පිරිසක් සිවිල් ඇඳුමින් නමුත් සන්නද්ධව සිටි බවත් සඳහන්.

 

කලින් දැනුම් දෙන ලද අමුත්තන් 150 දෙනෙකුට පමණි මීට එක්කාසු වීමට හැකියාව ලැබිලා තියෙන්නෙ.

 

ඒ වගේම තමයි වේටර්වරුන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට හඳුනාගැනීම සඳහා හැඳුනුම්පත් පවා ලබාදීලා.

 

මේක වෙනස් අත්දැකීමක් වුණාට මොකද විවාහ උත්සවයක තිබිය යුතු හැමදේම එහි තිබිලා.

 

වැඩි හොඳට දැඩි පොලිස් ආරක්ෂාවකුත් එක්කම !!!

 

මල් සැරසිලි, සාම්ප්‍රදායික ඉන්දියානු විවාහ චාරිත්‍ර ආදී හැමදේකින්ම සන්දීප් - අනුරාධා යුවලගේ විවාහ උත්සවය සමන්විත වෙලා තියෙනවා.

 

මෙච්චර ආරක්ෂාවක් යටතෙ විවාහ වුණු ''වැඩකාරයා'' කවුද කියලා ප්‍රශ්නයක් ඇති නේද..

 

සන්දීප් කියන්නෙ එසේ මෙසේ අපරාධකාරයෙක් නෙවෙයි.

 

හර්යානා ප්‍රාන්තයේ සෝනිපාට් හි පදිංචි සන්දීප්ව වරක් ආරක්ෂක අංශයන්ට අත්‍යාවශව ඉඳලා.

 

ඔහුව හොයලා දෙන කෙනෙක්ට රුපියල් ලක්ෂ හතක ත්‍යාගයක් ලබාදෙන බවටත් ආරක්ෂක අංශ පොරොන්දු වෙලා තියෙනවා.

 

ඉතින් අධිකරණය දුන්නු පැය හයක නිදහස් කාලයේ කසාද බැඳලා සන්දීප්ව ආයෙම රැගෙන ගිහින් තියෙන්නෙ හිටපු තැනටමයි. ඒ තිහාර් බන්ධනාගාරයට.

 

දිල්ලි, හර්යානා, පන්ජාබ්, රාජස්ථාන් ‍යන ප්‍රදේශවල මංකොල්ලකෑම්, මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම, කප්පම් ගැනීම් සහ ආයුධ ළඟ තබා ගැනීම යනාදී වැරදි සෑහෙන ප්‍රමාණයකට වගකිව යුතු නම ගිය අපරාධකරුවෙකි ඔහු.

 

නිකමට හරි හිතුණද එහෙම කෙනෙක් බැන්ද ඔහුගේ පෙම්වතිය කොහොම කෙනෙක් වෙන්න ඇතිද කියලා.

 

'මැඩම් මින්ස්' ලෙස ප්‍රකට ඇයත් රාජස්ථාන් ,දිල්ලි ප්‍රාන්තවල අපරාධ ගණනාවකට වරදකාරිය වී ඇති දැනට ඇප මත නිදහස්ව සිටින්නියක බව සඳහන්.

 

මුදල් විශුද්ධිකරණය, පැහැරගැනීම්, තර්ජන කිරීම් සහ ආයුධ ළඟ තබා ගැනීම් යනාදි වැරදි රැසක් ඉදිරියේ ඇගේ නමත් ලියවිලා තියෙන්නෙ.

 

ඉන්දීය මාධ්‍යවලට අනුව කලා ජාතේඩි සහ මැඩම් මින්ස් 2021 වසරේ ජූලි මාසයේදී දිල්ලි පොලිස් විශේෂ කොට්ඨාශය විසින් අත්අඩංගුවට අරන්.

 

 

දෙන්නගෙ ආදර කතාව පටන් අරන් තියෙන්නෙ 2020 දී.

 

ඒ කියන්නෙ බැඳලා හිරේ ගියා වුණත් මේක අවුරුදු හතරක ප්‍රේම කතාවක් විවාහයකින් ජය ගැනීමක්.

 

ඉන්දීය ආරංචි මාර්ගවල කියවෙන හැටියට 'මැඩම් මින්ස්' මීට පෙර 'දීපක් මින්ස්' එක්ක විවාහ වෙලා වෙන්වුණු තැනැත්තියක්.

 

අතීතය කොහොම එකක් වුණත් විවාහයෙන් පස්සෙ නම් දෙන්නත් එක්ක පෙර වැරදි හදාගෙන ජීවත් වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න බව තමයි කාටත් කියලා තියෙන්නෙ....

views

377 Views

Comments

arrow-up