නයනතාරා - විග්නේෂ් දික්කසාද වෙයි? - ඇත්තම කතාව මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

නයනතාරා - විග්නේෂ් දික්කසාද වෙයි? - ඇත්තම කතාව මෙන්න (PHOTOS)

නයනතාරා - විග්නේෂ් දික්කසාද වෙයි? - ඇත්තම කතාව මෙන්න (PHOTOS)

නයන් එහෙමත් නැත්තම් 'ලේඩි සුපර් ස්ටාර්' විදියට ඉන්දියාවෙත් ලෝකයේත් අතිශය ජනප්‍රිය නයන්තාරාගේ විවාහය ගැන පහුගිය කාලේ කටකතා කීපයක්ම පැතිරෙන්න වුණා.

 

අධ්‍යක්ෂකවරයෙක් වන විග්නේෂ් ශිවන් එක්ක විවාහ වෙලා ඉන්න නයන්තාරා මේ වෙද්දි නිවුන් දරුවො දෙන්නෙක්ගෙ මවක්.

 

කොහොම නමුත් තමන්ගේ විවාහය ගැන පැතිරෙන්න ගත්ත කටකතා, හුදෙක්ම කටකතා විතරක් ම බව මේ වෙද්දි ඈ සනාථ කරලා.

 

ඒ ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සැමියා සහ දරුවන් එක්ක ඉන්න පවුලේ සේයා රුවක් බෙදාගැනීමත් එක්ක.

 

නයන් මෑතකදි ඉන්ස්ටග්‍රෑම් වේදිකාවට එනකල් ඈට ආදරේ කරන රසික පිරිස මඟබලාගෙන උන්නෙ ඉවසිල්ලක් නැතුව.

 

ඇය එහෙම සිය නිල ගිණුමෙන් ඉන්ස්ටා එනකල් ඇය ගැන තොරතුරු හොයන්න කවුරුත් ගියේ ඇගේ සැමියාගේ ගිණුමට.. එහෙමත් නැත්නම් ඇය වෙනුවෙන් නිර්මාණය වුණු රසික රසිකාවියන්ගේ ගිණුම් වෙත.

 

කොහොම නමුත් ඇයත් ඉන්ස්ටා ආව දවසේ පටන් සිය ජීවිතයේ විශේෂ කාරණා ගැන යාවත්කාලීන කිරීම් කරන්න අමතක කරලා නෑ.

 

ඔන්න ඒ විදියට ඇය එක්කාසු කළ අළුත්ම ඡායාරූපය තමයි සිය සම්පූර්ණම පවුලේ සාමාජිකයින් එක්ක සංචාරයක නිරත වන ඡායාරූපය.

 

එය විග්නේෂ් උලග් එක්කත් නයනතාරා උයර් එක්කත් ඉන්න සතුටින් පිරුණු සේයාරුවක්.

 

 

 

 

views

538 Views

Comments

arrow-up