සුපිරි ධනපති මුකේෂ් අම්බානි පුත්‍රයාගේ විවාහ උත්සවයට පැමිණි අමුත්තෝ මෙන්න (PHOTOS)

පසුගිය (01) සිට දින 3 ක් තිස්සේ ඉන්දියාවේ ජම්නගර්හි (ගුජරාට්) පැවැත්වෙන ධනපති මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍යයේ පළමු අදියරේ උත්සවය වෙනුවෙන් සුප්‍රකට බොලිවුඩ් තාරකාවන් ක්‍රිකට් තාරකාවන් ඇතුළු ජනප්‍රිය චරිත පැමිණ තිබේ.
ඇමරිකාවේ සිට ඉවංකා ට්‍රම්ප්ද පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කරන අතර මෙහි සංගීත අංග සදහා දායක වන සුපිරි පොප් ගායිකා රිහානා සිය කන්ඩායම සමග පැමිණීමද සිදු කර තිබුණි.
මාධ්‍ය වාර්තා වලට අනුව, මෙම පූර්ව විවාහ මංගල්‍යට අමුත්තන් 1,000 ක් පමණ පැමිණ ඇත.
අමුත්තන්ට එකම ආහාරය දෙවරක් අනුභව නොකරන බව සහතික කිරීම සඳහා දින තුන තුළ දීසි 2,500 ක් පමණ පිරිනැමීමට අපේක්ෂා කෙරේ.
දින 3 කට සැකසුනු මෙම විවාහ උත්සවයේ විවිධ තේමා සහ ඇඳුම් පැළඳුම් ඇති අතර,අද පළමු දිනයට 'An Evening is Everland' (මාර්තු 1) නමින් තේමාවකින් සියල්ල පිරිනමා ඇත.
9902 Views
Comments