මේ නිකන්ම නිකන් ප්‍රතිමාවක් නෙවෙයි - පිටකොටුවට ආ අත් දහසකින් හිංසනයට ලක්වූ ඇය

කලාව කියන්නෙ ප්‍රබල වූ පණිවුඩ සමාජගත කරන්න පුළුවන් ''අරුම පුදුම'' මාධ්‍යයක්.
නිර්මාණශීලීව හිතුවොත් ලෝකයේ බොහෝ ''දැවෙන ප්‍රශ්වලට'' ''දැනෙන උත්තර'' කලාවෙන් දෙන්න පුළුවන්.
එහෙම උත්තර දුන්නු අවස්ථාවන්ට ලෝක ඉතිහාසයේ උදාහරණ ඕනෑ තරම්.
කාන්තා දිනය නිමිති කරගෙන කෙරෙන එවන් කටයුතු ගැන, එනම් නිර්මාණශීලී ''හඬනැඟීම්'' ගැන අහන්න දකින්න ලැබීම ලෝකයේ සුලබ කාරණයක්.
ලෝකයේ එහෙම වුණාට ''සංකේතානුසාරයෙන් කලාවත් ඔබ්බවලා'' කරන එහෙම වැඩ අපේ රටට ටිකක් විතර අළුත්.
සාමාන්‍යයෙන් අපේ මිනිස්සු අතරෙ තියෙන කතාවක්නෙ, ''බල කරලා, බලෙන් පෙන්නලා දුන්නෙ නැත්නම්'' ගොඩක් දේවල් අපේ අය තේරුම් ගන්නෙ නෑ කියලා.
හැබැයි දැන් දැන් ඒ කතාව පරණ වේගෙන යන්නෙ. මොකද යම් යම් සංකේත එක්ක දෙන පණිවුඩ තේරුම් ගන්න තරම් අපේ අයත් දැන් පුරුදු වෙලා.
ඒ වගේම සමාජයට දිය යුතු වටිනාම ප්‍රබල පණිවුඩ ''කලාත්මකව සංකේතානුසාරයෙන්'' සමාජගත කිරීමත් දැන් දැන් සුලබ වෙලා.
ඊට කදිම උදාහරණයක් තියෙනවා පිටකොටුවේ !
ඇය අත් දහසකින් හිංසනයට ලක්වූ සමස්ත කාන්තාවන් වෙනුවෙන් නිසොල්මන බලාගෙන ඉන්නවා, මේ විදියට.
347 Views
Comments