සුපිරි ඉන්දීය නළු අජිත් කුමාර් ගැන දුක හිතෙන කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

සුපිරි ඉන්දීය නළු අජිත් කුමාර් ගැන දුක හිතෙන කතාවක්

සුපිරි ඉන්දීය නළු අජිත් කුමාර් ගැන දුක හිතෙන කතාවක්

දකුණු ඉන්දීය සුපිරි නළු අජිත් කුමාර් රෝහල්ගත කිරීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

 

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ කළමනාකරු සඳහන් කර තිබුණේ ඊයේ (07) දින, කනට පහළින් ස්නායු දුර්වල වීමක් සඳහා ප්‍රතිකාර ලැබීමට ඔහුව මෙලෙස පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවයි.

 

සුළු ප්‍රතිකාර කිහිපයකට පසු ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත්, ප්‍රතිකාරවලින් අනතුරුව සාමාන්‍ය වාට්ටුවකට මාරුකර ඇති බවත් සඳහන්.

 

එමෙන්ම දිනක් නිරීක්‍ෂණයෙන් පසුව ඔහු රෝහලෙන් පිටව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

අජිත් කුමාර් ඔහුගේ මීළඟ චිත්‍රපටය වන Vidaa Muyarchi හි වැඩ කටයුතුවල නියැලෙමින් සිටියි.

 

එය ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර මගිෂ් තිරුමෙනිගේ අධ්‍යක්ෂණයකි.

 

එහි වැඩ කටයුතු අතර තරමක විවේකයක පසුවූ ඔහු එළඹෙන සතියේ සිට යළි වැඩ කිරීමට සූදානමින් පසුවන බව සඳහන්.

 

අජිත් කුමාර් රෝගීව ඇති බවට පළ වූ පුවත විවිධ අන්දමේ කටකතා නිර්මාණය කර තිබුණා.

 

ඔහු මොළයේ ගෙඩියක් ආසාදනය වීම නිසාවෙන් සැත්කමකට බඳුන් කරන බවට පැතිරුණු කතාව ඉන් එකකි.

 

"මොළයේ ගෙඩියක සැත්කමක් සම්බන්ධයෙන් පළවන පුවත් සත්‍යයක් නොවේ.

නිරන්තර සෞඛ්‍ය පරීක්‍ෂාවන්හිදී කනෙන් පහළ ස්නායු දුර්වල වී ඇති බව වෛද්‍යවරු සොයා ගත්තා.

ඒ සඳහා වූ ප්‍රතිකාර පැය භාගයකින් අවසන් වුණා..."

 

ඒ, ඊට අජිත් කුමාර්ගේ කළමනාකරු ලබාදී තිබූ පිළිතුරයි.

views

396 Views

Comments

arrow-up