ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වෙයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න අනුරාධපුර, තිරිප්පනේ ප්‍රදේශයේදී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

 

අනතුරින් සුළු තුවාල ලබා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

 

ඊයේ (14) පෙරවරු 07.45 ට පමණ තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

 

මෝටර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයින් තිදෙනෙකු, ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

 

තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී ලොරියක ගැටී මෙම අනතුර සිදුවිය.

 

අනතුරින් තුවාල ලැබූ ළහිරු තිරිමාන්න ප්‍රතිකාර සඳහා ඔහු අනුරාධපුරය මහ රෝහලට ඇතුලත් කර ඇති නමුත්
ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි පවසයි.

views

374 Views

Comments

arrow-up