දරු දෙදෙනා අවසන් ගමන් යැවූ පියා සියදිවි නසා ගන්න හදයි - අවසානයේ වූදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

දරු දෙදෙනා අවසන් ගමන් යැවූ පියා සියදිවි නසා ගන්න හදයි - අවසානයේ වූදේ මෙන්න

දරු දෙදෙනා අවසන් ගමන් යැවූ පියා සියදිවි නසා ගන්න හදයි - අවසානයේ වූදේ මෙන්න

තම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දෙදෙනා ඝාතනය කර තමන් ද සියදිවි හානිකර ගැනීමට තැත් කළ පුද්ගලයකු පිළිබඳ සිද්ධියක් ඊයේ (14) දින කල්මුනේ මරුදමුනේ ප්‍රදේශයෙන් වාර්තා විය.

 

මරුදමුනේ පෙරිය නීලාවනේ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි මොහමඩ් මිර්සා මොහමඩ් කලීල් යන අය මෙසේ මෙම ඝාතන සිදුකර තමන් ද සිය දිවි හානි කර ගැනීම සඳහා ගෙල කපා ගෙන ඇත. ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතය බේරා ගෙන තිබේ.

 

මෙසේ ගෙල කැපීමෙන් ඝාතනයට පත්ව ඇත්තේ 29 හැවිරිදි මොහමඩ් කලීල් මොහමඩ් රිකාස් හා 15 හැවිරිදි මොහමඩ් කලීල් පස්මියා යන අයය. මොවුන් දෙදෙනා ආබාධිත විශේෂ අවශ්‍යතා ඇති අයය.

 

මොවුන්ගේ සිරුරු නිවස තුළ ලේ විලක් මැද වැටී තිබියදී සොයා ගෙන ඇත. මෙම දරුවන්ගේ මව මීට මාස පහකට පෙර මියගොස් ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති මෙම දරුවන් දෙදෙනා රැකබලා ගැනීමට කවුරුත් නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගන්නට ඇතැයි සැක කෙරේ.

 

සිද්ධිය දැනගත් පොලිසිය වහාම එම ස්ථානයට ගොස් ගෙල කපා තුවාල ලබා සිටි පුද්ගලයා කල්මුනේ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

 

පෙරිය නීලාවනයි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එස්.කේ. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් ගොස් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරති. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුරු රෝහලට ගෙන ගොස් ඇත.

views

394 Views

Comments

arrow-up