“මගෙන් සල්ලි අරන් අම්මලා දුවලා හොඳට කාලා බීලා...” - පියුමි කේන්ති අරන් කාටද මේ දෙහි කපන්නෙ? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

“මගෙන් සල්ලි අරන් අම්මලා දුවලා හොඳට කාලා බීලා...” - පියුමි කේන්ති අරන් කාටද මේ දෙහි කපන්නෙ? (PHOTOS)

“මගෙන් සල්ලි අරන් අම්මලා දුවලා හොඳට කාලා බීලා...” - පියුමි කේන්ති අරන් කාටද මේ දෙහි කපන්නෙ? (PHOTOS)

ගෙදර හදන සුරතලුන්ට හරි ආදරෙන් සලකන, සුරසැප දෙන බොහෝ උදවිය පාරෙ දකින කවර සතෙක්ට වුව බැන අඬගහන්න ,ගලකින් ගහන්න, අප්පිරියා කරන්න දෙපාරක් හිතන්නෙ නෑ.

 

සත්තුන්ට ආදරෙයි කියන ගොඩක් අයගෙ බාහිර සමාජයට නොපෙන්වන අඳුරු පැතිකඩක් ඒක.

 

නමුත් ඔබත් මමත් හොඳාකාරවම දන්නා ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ කතාව ඊට හාත්පසින්ම වෙනස් එකක්.

බල්ලද, පූසද, ගව පැටියද කියලා නෑ පාරෙ දකින ඕනෑම සතෙකු වෙනුවෙන් තමන්ගෙ ගෙදර හදන සුරතලුන් කෙරෙහි තරමටම උණුවන හදවතක් ඈ සතුයි.

 

ඇත්තම කතාව කිව්වොත් ඇගේ ඇහැට දකින්නම ඕනෑ නෑ, සමාජ මාධ්‍ය තුළින් ඈව දැනුවත් කර අසරණ සතුන් වෙනුවෙන් පිහිටක් අයදින අවස්ථා ඕනෑ තරම්.

 

ඇය එහෙම උපයන මුදලින් සැලකිය යුතු කොටසක් අසීමිත ආදරයෙන් සතුන් වෙනුවෙන් වෙන් කරද්දී, තමාව මුලාකර කෙනෙක් කටයුතු කරන බව හැඟුණොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නත් පියුමි දෙපාරක් හිතන්නෙ නෑ.

 

සමාජ මාධ්‍යයේ ඈ ගැන විමසිල්ලෙන් පසුවන ඔබ ඊට උදාහරණ ඕනෑ තරම් දැක ඇතුවාට සැක නෑ.

එයාකාරයේ අසාධාරණයක් ගැන යළිත් පියුමි මේ විදියට හඬ අවදි කර තිබුණා.

 

''දන්නවද කියන්නත් දුකයි පාරෙ කුණු ගොඩක් ළඟ දාලා ගිහින් කබරයො කන්න කලින් අරන් ආවා අනේ.

මම ආදරෙන් බලාගත්තා. ඒත් මට හැමදාම තියාගන්න බෑ.

මේ වගේ පාරවල්වල දාලා ගියපු ගොඩාක් බවු පැටව්, මගෙ පුතා දැකපු එයා මෙහෙම අරන් ඇවිල්ලා තියනවා.

ඉතින් මම හොඳටම කන්න බොන්න ටික දීලා බෙහෙත් විදලා post එකක් දානවා.

හදන්න කැමති අය අරන් යන්න එන්න කියලා.

අනේ කලින් නම් එහෙම ගෙනාපු ඔක්කොම වගේ දුන්නා. ඒ දීලා ගෙනියන අයට සෑම මාසයකම බෙහෙත්වලට කෑම, මස් මාලුවලට සල්ලි දානවා.

ඉතින් ඒ අය මට හැමදාම වගෙ photos videos දානවා ඔන්න අක්කි අදත් දුන්නා කෑම.

ඉතින් හැමෝම මට එවන්න ඕනෙ එයාලා කෑම කන videos, එතකොට තමයි මගෙ හිත පිරෙන්නෙ එයාලා බඩ පිරෙන්න කනවා දැක්කම.

ඉතින් කියන්න දුකයි මේ අයට එහෙම හොඳ ගෙදරවල් ලැබුණෙ නෑ.

daycare එකකට දැම්මා සතියට හෝ සති දෙකකට රුපියල් 40000 ගාණෙ එයාලාට දැම්මා.

අනෙ Mihiri Siriwardena Samarajeewa අක්කා තමයි ඇවිල්ලා මාත් එක්ක නාවලා කරලා බෙහෙත් කරලා සති දෙකක් පමණ මගෙ ගෙදර හිටියා. ඊට පස්සෙ අම්මා කෑගහන නිසා තමයි daycare එකකට දැම්මෙ තැනක් ලැබෙනකල්.

මොකද මට බෑ කවදාවත් මහා පාරට දාන්න.

අන්න ඒ වගේ මම මහා පාරෙ ඉදලා තුවාලා වෙලා ගෙනල්ලා බෙහෙත් කරපු සත්තු ගොඩාක් මිහිරි අක්කාගෙ ගෙදර ඉන්නවා. ඉතින් මේ ටික එයාට බලාගන්න අමාරු නිසා තමයි අපි daycare දැම්මෙ.

අනේ දෙවියනේ ඒ බනි කියන ගැහැනු කෙනා තමයි දුවලා දෙන්නා එක්ක ඔය සත්තු බලාගන්න එක කරන්නෙ.

දන්නවද මගෙන් සල්ලි අරන් අම්මා දුවලා හොඳට කාලා බීලා. මිහිරි අක්කා යනකොට මේ පැටව් තුවාල හැදිලා කුශ්ට දාලා සති ගාණකටම කන්න දීලම නෑ.

මේ පිංතූරවල ඉන්න සත්තු ටිකට තමයි එහෙම වුණේ.

මට පිංතූර දැම්මා ඇඟේ කටු විතරයි. මට මාරම දුකයි වතුර ටිකක්වත් බොන්න දීලම නෑ.

මේ post එකට යටින් මම කමෙන්ට් කරනවා.

මිහිරි අක්කා ගිහින් ඔය සත්තු හදන කෙනාට හොඳට බැනලා ඔක්කොම සත්තු ටික අරන් ආවා.

අරන් ආවා විතරක් නෙවෙයි එයාට හොඳ පාඩමක් අපි ඉගැන්නුවා.

තවත් අසරණ වුණු සත්තු හිටියා.

මෙයා පිටරට ඉන්න අයගෙන් සල්ලි ගන්නවාලු ඒ සත්තුන්ට කන්න දෙන්න කියලා.

අපි ඒ ඔක්කොම ගත්තා police මාර්ගයෙන් නඩු දාලා. අපි වියදම් කරපු සල්ලි එයා අපිට ආයි දෙන්න ඕනෙ ඒවත් ගත්තා.

මොකද මාත් එක්ක සෙල්ලම් කරන්න බෑ. පවු, මේ අසරණ සත්තු වෙනුවෙන් මම හම්බ කරන සල්ලි ගොඩාක් වියදම් කරනවා.

මම ගොඩාක් සතුටින් එයාලාට පිහිට වෙන්නෙ. මම මාරම ආදරෙයි සත්තුන්ට.

ඉතින් ඔය බනි කියන අම්මටයි දුවලා දෙන්නටයි මම ජීවත් වෙලා ඉන්න කල් සාපම කරනවා.''

 

තමන්ගෙම දරුවෙක් ගැන දැනෙන තරමට, සතෙක් ගැන කාරුණික හිතක් පහළ වෙන්නෙ එහෙමත් කෙනෙක්ට.

 

ඒ අතර පියුමි විශේෂයි.

 

මොකද ජනප්‍රිය චරිත සමාජයට දෙන ධනාත්මක පණිවුඩ හරි ප්‍රබලයි.

 

මේ ප්‍රතිචාර ඊට සාක්ෂි සපයනවා ඇති.

 

 

views

582 Views

Comments

arrow-up