සුපිරි තරුවක් වන සෙරීනාට පැරීසියේදී සිදුවූ නොසිතූ ඇබැද්දිය (PHOTOS)

ඇගේ නම කියූ සැනින් ලෝකයේ ඕනෑම අයෙක්ට ඒ නම සුපුරුදු වෙන තරමටම ඇය ජනප්‍රියයි..
එවන් ජනප්‍රිය චරිතයකට මේ වුණ සිදුවීම අද ලෝකයක් කතා කරනවා..
මේ කියන්නේ වෙන කවුරුත් ගැන නෙවෙයි.. ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණේ ඉන්න ඇය ගැනයි..
සෙරීනා විලියම්ස්.. ඔන්න ඉතින් සේරීනාට පසුගිය දවසක ඔලිම්පික් සමාරම්භක උළෙලේ පහන දැල්වීමට ආරාධනාවක් ලැබිලා තිබුණා..
ඉතින් ඒ වෙනුවෙන් සහභාගී වෙන්න ඇය පැරිස් නුවරට ගියේ පසුගිය වසරවල වගේම සුපුරුදු විදිහටයි.. කොහොම වුණත් මේ අවස්තාවෙන් පස්සේ ඇය එරට හෝටලයක ගිහින් තිබුනේ ආහාර වේලක් ගන්නට වුණත් එහිදී ඇයට නොසිතූ ඉරණමක් අත්වෙලා..
Peninsula Hotelඑකට ගියපු සෙරීනාට එහි පැමිණි අවස්ථාවේ දී හෝටලේ සේවකයින් විසින් ඇයට ඇතුළුවීමට ඉඩ ලබා නොදුන් පුවතක් ගැනයි ලෝකයේම මෙලෙස අවධානයට යොමුව ඇත්තේ..
පසුගිය අගෝස්තු 5වැනිදා සිදුවුණු මේ සිද්ධියෙන් පස්සේ සෙරීනා විලියම්ස් සිය X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් මෙම සිදුවීම පිළිබඳව සිය අප්‍රසාදය පළකර තිබෙනවා...
කොහොම වුණත් ඇයට ආදරය කරන ලෝකයේ විවිධ පිරිස් වගේම ඔලිම්පික් පදක්කම්ලාභී සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඇයට සිදුවුණු මේ අකරතැබ්බය වෙනුවෙන් අප්‍රසාදය පළකරන්නත් අමතක කළේ නැහැ..
307 Views
Comments