වේල්ස් කුමරියගේ සිව්වන රාජකීය නත්තල් කැරොල් ප්‍රසංගය ගැන නිවේදනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

වේල්ස් කුමරියගේ සිව්වන රාජකීය නත්තල් කැරොල් ප්‍රසංගය ගැන නිවේදනය කරයි

වේල්ස් කුමරියගේ සිව්වන රාජකීය නත්තල් කැරොල් ප්‍රසංගය ගැන නිවේදනය කරයි

වේල්ස‍යේ කුමරිය හෙවත් කේට් කුමරිය සිය වාර්ෂික නත්තල් කැරොල් ප්‍රසංගය දෙසැම්බර් 6 වන දින පවත්වනු ලබන බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර තිබෙනවා.

 

එය වෙස්ට්මිනිස්ටර් ඇබේ හි ඇයගේ සිව්වන කැරොල් ප්‍රසංගය වනු ඇති.

 

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ප්‍රසංගය නත්තල් සැඳෑවේ එක්සත් රාජධානියේ විකාශනය වනු ඇති බවයි.

 

කේට් කුමරිය 2021 වසරේ දී මෙම උත්සව සම්ප්‍රදාය ආරම්භ කළේ, වසංගතයේ බලපෑම හඳුනාගනිමින් ස්කොට්ලන්ත ගීත රචක ටොම් වෝකර් සමඟ “මෙතැනට සහභාගී විය නොහැකි අය සඳහා” මැයෙන්, පියානෝ වාදනයක් ද සමඟ බ්‍රිතාන්‍ය රූපවාහිනී නරඹන්නන් මවිතයට පත්කරමින් වීම විශේෂය.

 

කෙන්සිංටන් මාලිගය ප්‍රකාශ කරන්නේ, කුමරුගේ සහ කුමරියගේ රාජකීය පදනමේ පුණ්‍යායතනයට සම්බන්ධ මෙම වසරේ ප්‍රසංගය “අන් අයට ආදරය, කරුණාව සහ සංවේදනය පෙන්වන” ප්‍රසංගයක් වනු ඇති බවයි.

 

ඒ අනුව මේ සඳහා නම් කරන ලද පුද්ගලයින් 1,600 ක් පමණ රාජකීය පවුලේ සාමාජිකයින් සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රැස්වනු ඇති.

views

185 Views

Comments

arrow-up