කොණ්ඩය කැපූ වරදට පෙම්වතාගෙන් 50 හැවිරිදි පෙම්වතියට ලැබුණු දඬුවම

පෙම්වතියට සහ පෙම්වතියගේ සොහොයුරාට පිහි ඇනුමක් සිදුකර තවත් දෙදෙනෙකුට පිහියෙන් ඇනීමට උත්සාහ කළ 49 හැවිරිදි බෙන්ජමින් ගාර්ෂියා ගුවාල් නම්, පෙන්සිල්වේනියා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිහි ඇනුමෙන් 50 හැවිරිදි කාමන් මාර්ටිනස් සිල්වා නම් ඔහුගේ පෙම්වතිය මියගොස් ඇති අතර ඇගේ සොහොයුරාට බරපතල බව සඳහන්.
මෙම ඝාතනයට හේතු වී ඇත්තේ, පෙම්වතිය වන මාර්ටිනස් ඇයගේ කොණ්ඩය කැපූ නිසා ගුවාල් හට ඇති වූ කෝපය බැව් කියවේ.
මවගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරමින් මාර්ටිනස්ගේ දියණිය පවසා ඇත්තේ තම මව කොණ්ඩය කැපීම මෙම ඝාතනය පිටුපස ඇති චේතනාව වන බවයි.
ගුවාල් මීට ඉහතදීත්, එනම් කොණ්ඩය කැපීමට පෙරත් තම මවට තර්ජනය කර තිබූ බවයි ඇය වැඩිදුරටත් විස්තර කර ඇත්තේ.
ඒ අනුව පෙම්වතාගේ තර්ජන නොතකා කොණ්ඩය කැපූ මාර්ටිනස්, ඉන්පසුව එක් රැයක් සිය දියණියගේ නිවසේත් අනෙක් දින ඇගේ සොහොයුරාගේ නිවසේත් නවාතැන්ගෙන තිබෙනවා.
පසුව ඇය මිතුරෙකු මාර්ගයෙන් පෙම්වතාට දන්වා ඇත්තේ, ඔවුන්ගේ සම්බන්ධය අවසන් වූ බවයි.
මේ හේතුවත් මූලික කරගනිමින් ගුවාල් ඇයව සොයා සහෝදරයාගේ නිවසට ගොස් ඇති බව සඳහන්.
එහිදී මාර්ටිනස්ගේ සොයුරා පවසා ඇත්තේ තම සොහොයුරිය නිවසේ නොමැති බවයි.
නමුදු ඊට මිනිත්තු කිහිපයකට පසු යළි එහි පැමිණි ගුවාල්, පෙම්වතියගේ සහෝදරයාට පිහියකින් පහර දීමට තැත් කර ඇති අතර එය වැළැක්වීමට පැමිණි පෙම්වතියට වියරු අන්දමින් පිහි පහර එල්ල කර තිබෙනවා.
එම පිහි පහර හමුවේ මාර්ටිනස් සිල්වා, එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඇගේ සොහොයුරා තුවාල ලබා ඇති බව සඳහන්.
එමෙන්ම මෙම ගැටුම නතර කිරීමට උත්සාහ කළ අසල සිටි දෙදෙනෙකුට ද පිහියෙන් ඇනීමට උත්සාහ කළ බවට ගුවාල් චෝදනා ලැබ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
කෙසේ නමුත් මෙම අපරාධය සිදුකළ බෙන්ජමින් ගුවාල්, පොලිසිය පැමිණෙන විටත් අපරාධ ස්ථානයෙන් පලා නොගොස් පහරදීමට භාවිතා කළ පිහිය ද අතැතිව සිය මෝටර් රථයේ වාඩිගෙන සිට ඇති බව සඳහන්.
ඒ අනුව මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම, දරුණු පහරදීම යනාදි චෝදනා කිහිපයක්ම ඔහුට එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
183 Views
Comments