ලොවක් ආදරය කරන සුපිරි තරුව බොලිවුඩයේ රජුට දැන් 59 යි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

ලොවක් ආදරය කරන සුපිරි තරුව බොලිවුඩයේ රජුට දැන් 59 යි (PHOTOS)

ලොවක් ආදරය කරන සුපිරි තරුව බොලිවුඩයේ රජුට දැන් 59 යි (PHOTOS)

සමහර රූප තියෙනවා, ඒවා සදාකාලිකවම සුන්දරයි !

කාලය කොච්චර නම් ගෙවිලා ගියා වුණත්, ඒ රූප එදා වගේම ලස්සනයි. ලස්සනයි කියනවාටත් වඩා, හරි පෞරුෂවත්.

එහෙම රූප ගැන මතක් කරද්දිත්, හදවතේ උඩින්ම ඇඳුණෙ 'King khan'ව නේද...

ඒක එහෙම වෙන්නත් එපැයි. මොකද මේවා වයසට නොයන පිංතූර !

ෂාරුක් ඛාන්ට දැන් 59 ක්... අද (නොවැම්බර් 2, 1965) තමයි මේ සුපිරි තරුවගේ උපන්දිනය.

වයස කියන්නෙ ඉලක්කමක් ම විතරයි කියලා කියන්නත්, හොඳ උදාහරණයක් තමයි 'බොලිවුඩයේ රජු'

මොකද ඔහුට තියෙන්නෙ එන්න එන්න ම තරුණ වෙන රූපයක්. ඒ තරු ගුණය නිසාම තමයි අදටත් ඔහු එක සේ බබළන්නෙ.

ෂාරුක්ව ආමන්ත්‍රණය කරන, නම් තියෙනවා මහ හුඟක්. King khan, SRK ඒ අතර ප්‍රසිද්ධයි.

ෂාරුක් කියන්නෙ දශක කිහිපයකම සිනමා රසවතුන්ගේ 'උන්මාදයක්'.. ලොකු කුඩා භේද නෑ ඊට...

ඒ තරමට ඔහුට ආදරේ කරන හදවත් ලෝකේ පුරා සෑහෙන්න. ජනප්‍රිය සංස්කෘතියේ අනිවාර්ය අංගයක්, කිං ඛාන්.

මේ ගෙවුණු මෑත කාලය ෂාරුක්ට විශේෂයි කිව්වොත් හරි.

මොකද, ඕනෑම තරුවක එළිය ටිකාක් හෝ අඩුවන කාලයක් එන්න පුළුවන්නෙ.

ඉතින් ජවාන්, පතාන් එක්ක මෑතකාලීනව රසිකයින් අතරට ආව ෂාරුක්, තමන් සදාකාලික තරුවක් බව යළි ඔප්පු කළා.

නමුත් ඊට පසු කාලයේ ඔහුගේ යම් වෘත්තීය පසුබෑමක් නොතිබුණාමත් නෙවෙයි...

Jab Harry Met Sejal (2017) සහ Zero (2018) වැනි චිත්‍රපට බොක්ස් ඔෆිස් හි අසාර්ථක වීමෙන් පස්සෙ, ෂාරුක් 2018 සිට 2023 දක්වා විවේකයක් ගන්නවා. ඉන් පසුවයි මෑතකදී යළි ඔහු රසිකයින්ව ආමන්ත්‍ර්‍රණය කරන්නෙ.

ඔහු සිනමා රංගන ශිල්පි‍යෙක් විතරක් ම නෙවෙයි, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙක් සේ ම රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙක් ද වනවා.

ෂාරුක් තම රංගන දිවිය ආරම්භ කරන්නෙ, 1980 දශ‍කයේ රූපවාහිනී වැඩසටහන් මාලාවන් එක්ක. ඔහුගේ සිනමා දිවිය ආරම්භ වෙන්නෙ "දීවානා" (Deewana - 1992) චිත්‍රපටියෙන්.

ලොවපුරා රසික සම්මානය සේ ම, සිය විශිෂ්ට රංගනය වෙනුවෙන් ෂාරුක් ලද සම්මාන ගණන සෑහෙන්න.

දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ (1995), කුච් ‍කුච් ‍හෝතා හේ (1998), චක් ‍දේ ඉන්දියා (2007), ඕම් ශාන්තී ඕම් (2007) සහ රබ් නේ බනා ඩි ජෝඩී (2008) කියන නිර්මාණ ෂාරුක්ව හදවත්වල ළැඟුම් ගන්න හේතු කාරණා වුණා කිව්වොත් හරි.

ඉන් එහාට කබි කුෂි කබිගම් (2001), කල් ‍හෝ නා හෝ (2003), වීර්-සාරා 2004) සහ කබි අල්විදා නා කෙහෙනා (2006) යන චිත්‍රපට ඒ ඒ වර්ෂවලදී වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු චිත්‍රපට අතර වනවා.

ෂාරුක්ට තියෙනවා හරි ආදරණීය පවුලක්.

ගෞරි... ඒ තමයි ෂාරුක්ගේ ගෞරවණීය ප්‍රේමය. ඈ ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකවරියක්. ඒ වගේම විලාසිතා නිර්මාණකාරිණියක්.

දෙන්නට තියෙනවා, හය වසරක ප්‍රේම කතාවක්. ඒ ප්‍රේමය විවාහයක් දක්වාත් එතැන් පටන් අද වන විට ආර්යන්, සුහානා සහ ඒබ්‍රහම් යන ආදරණීය දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත සොඳුරු පවුලක් දක්වාත් සාර්ථක ගමනක් ඇවිත්.

විශේෂම කාරණය නම්, සුහානා - ආර්යන් දෙන්නත් කලාව තුළින් නැඟී එන කාලය තමයි මේ...

ඉතින්, මේ ගෙවුණු 59 අවුරුද්ද ගැනම ෂාරුක්ට ආඩම්බර වෙන්න කාරණා සෑහෙන්න.

ලෝකයක්ම ආදරේ කරන 'චරිතයක්' වීම, ඉන් සුවිශේෂීම වන බව නිසැකයි.

views

174 Views

Comments

arrow-up