“මම බස් අනතුර වුන තැනට ගියේ මුළු රෝහලම සූදානම් කරලා” - බදුල්ලේ බස් අනතුරෙන් පසු එල්ලවූ චෝදනාවකට වෛද්‍ය පාලිතගෙන් සැර උත්තරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

“මම බස් අනතුර වුන තැනට ගියේ මුළු රෝහලම සූදානම් කරලා” - බදුල්ලේ බස් අනතුරෙන් පසු එල්ලවූ චෝදනාවකට වෛද්‍ය පාලිතගෙන් සැර උත්තරයක්

“මම බස් අනතුර වුන තැනට ගියේ මුළු රෝහලම සූදානම් කරලා” - බදුල්ලේ බස් අනතුරෙන් පසු එල්ලවූ චෝදනාවකට වෛද්‍ය පාලිතගෙන් සැර උත්තරයක්

වෛද්‍ය පාලිත රාජපක්‍ෂ කියන්නෙ රටම හඳුනන සැබෑම මනුසත් ගුණ පිරුණු වෛද්‍යවරයෙක්.

 

ඒ බව අවස්ථා කිහිපයකදීම රටටම දැකබලා ගන්න අවස්ථාව ලැබුණා.

 

එදා පස්සර මාරක අනතුර වන අවස්ථාවේදීත්, මීට දින කිහිපයකට ඉහතදී වාර්තා වුණු මාරාන්තික බස් රථ අනතුර වූ අවස්ථාවේදීත් ජීවිත බේරාගන්න පළමු පෙළ උන්නු සැබෑම මිනිසෙකි ඔහු.

 

ඔහුගේ ජීවිතය ද දෙවැනි කොට කරන්නා වූ මෙම මෙහෙවර අගය කරන පිරිස් මේ පුංචි රටේ සෑහෙන්න.

 

එවන් අගය කිරීම් අතර, එකක් දෙකක් වූ විවේචනයන් ද නැතුවාම නොවෙයි.

 

වෛද්‍ය පාලිත රාජපක්‍ෂ බොහෝදෙනාට සමීප වන්නේ සිය සමාජ මාධ්‍ය වේදිකාවන් තුළින්.

 

එහෙම සමාජ මාධ්‍යයේ සක්‍රීය ඔහුගේ මුහුණුපොතේ පළකර තිබුණු සටහනකි මේ.

 

මෙවන් සටහනක් තබන්නට වෛද්‍ය පාලිත රාජපක්‍ෂ කටයුතු කර තිබුණේත්, ඉහත කී ආකාරයට අගය කිරීම් අතර දක්නට ලැබෙන එකක් දෙකක් වූ විවේචනයන් නිසා බව පැහැදිලියි.

 

''මේ වෛද්‍යවරුන් ඉන්න සමූහයක්.

නමක් සඳහන් නොකර තමා මේක දාලා තියෙන්නේ. එයාලා දන්නේ නැතිව ඇති මම ඔය බස් අනතුර වෙන තැනට ගියේ මුළු රෝහලම ඒ අවස්ථාවට මුහුණ දෙන්න සූදානම් කරලා..

මම නොගියා නම් අන්තිමට ගත්තු දරුවා එතනම නැති වෙනවා...

මිත්‍රවරුනි උඹලා බදුල්ලේ අපි ගැන දන්නේ නැහැ..

අපේ උන්ගේ කැපවීම් උඹලට හිතාගන්නවත් බැහැ....

නුඹලාට ඒවා කරන්න අවැසි ශක්තිය තියෙන ජාන ලැබිලා නැහැ ...

මම මගේ ඔලුවේ පණ තියෙනකන් ඕනිම ජීවිතයක් වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිමය කරනවා..

උඹලගේ නොහැකියාවට..

තියෙන කැත ආකල්පවලට ..

මම මොනව කරන්නද..

මහත්තයෝ අනතුරක් වුණ තැනට යන්ඩ අපි හදලා තියෙන හදිසි ගලවාගැනීමේ කණ්ඩායම් ගැන... උඹලට හිතාගන්නවත් බැහැ....

උඹලා වගේ කැත ආකල්ප, හැසිරීම් තියෙන උන් නිසා තමා මේ වැදගත් වෘත්තිය පිරිහිලා තියෙන්නේ...

..පොස්ට් එකට නම දාන්නවත් කොන්ද නැති උඹලා කොහොමද මෙහෙම වැඩ කරන්නේ....

වෛද්‍ය පාලිත''

 

 

views

218 Views

Comments

arrow-up