ප්‍රභූ දේවා එක්ක ශ්‍රී ලාංකීය නර්තන ශිල්පීන් නර්තනයේ යෙදෙන චිත්‍රපට ගීතය එළියට - රශිප්‍රභා, අසංකි ඇතුලු තවත් ශිල්පීන් රැසක් ඒ අතර (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ප්‍රභූ දේවා එක්ක ශ්‍රී ලාංකීය නර්තන ශිල්පීන් නර්තනයේ යෙදෙන චිත්‍රපට ගීතය එළියට - රශිප්‍රභා, අසංකි ඇතුලු තවත් ශිල්පීන් රැසක් ඒ අතර (PHOTOS)

ප්‍රභූ දේවා එක්ක ශ්‍රී ලාංකීය නර්තන ශිල්පීන් නර්තනයේ යෙදෙන චිත්‍රපට ගීතය එළියට  - රශිප්‍රභා, අසංකි ඇතුලු තවත් ශිල්පීන් රැසක් ඒ අතර (PHOTOS)

මතකද පහුගිය දවසක, ඒ කියන්නෙ මීට මාස කීපයකට ඉහත ඉන්දීය සුපිරි තරුව ප්‍රභූ දේවා ලංකාවට ආවා.

 

ඔහු එහෙම ඇවිත් තිබුණේ ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපටයක ගීතයක් රූ ගතකිරීම සඳහා.

 

ඔහුගේ මේ පැමිණීම අපේ කලා ක්ෂේත්‍රය තුළත් දැඩි කතාබහට ලක්වෙන්න ගත්තා.

 

ඒකට ප්‍රධානතම හේතුව වුණේ මේ ගීතයේ පසුබිම් නර්තන කාර්යයට අපි දන්න කියන මුහුණු කිහිපයක්ම එක්කාසු වීම.

 

ඉන්දියාවත් එක්ක හරි හරියට සබඳකම් පවත්වන නව පරපුරේ ජනප්‍රිය නිළි රශිප්‍රභා සංදීපනී ඉන් එක්කෙනෙක්.

 

අනෙක් තාරකාව තමයි ජනප්‍රිය නිළි අසංකි ද සිල්වා.

 

චිත්‍රපටය සෑම් රොඩ්‍රිගස් විසින් අධ්‍යක්ෂණය කරන ''Musasi''

ඉතින් රශිප්‍රභා - අසංකි දෙන්නට මාස්ටර් ප්‍රභූ දේවා එක්ක නර්තනයේ යෙදෙන්න ලැබුණු මේ අති සුවිශේෂීම අවස්ථාව ගැන සෑහෙන කතාබහක් පැතිර ගියා කිව්වොත් හරි.

 

එහෙම වෙන්නත් එපැයි නේද, මොකද මේක ලේසියෙන් ලැබෙන අවස්ථාවක් නෙවෙයිනෙ.

 

ඔවුන්ට ආදරේ කරන ඔබත් පුන පුනා බලාගෙන ඉන්න ඇති, කවද්ද මේ නර්තනය රැගත් ගීතය නිකුත් වෙන්නෙ කියලා.

 

අපි හරි නේද ??

 

ඔන්න එහෙනම් දැන් ඔබට ගීතය රසවිඳින්න පුළුවන්.

 

ගීතය ''Starlight''

Musasi, සෑම් රොඩ්‍රිගස්ගේ මංගල අධ්‍යක්ෂණය සනිටුහන් කරන අතර මාස්ටර් මහේන්ද්‍රන්, ජෝන් විජේ සහ වීටීවී ගනේෂ් චිත්‍රපටයේ සහය නළු නිළියන් වනවා.

 

චිත්‍රපටයේ කතා තේමාව නම් තවමත් ‍රහසක්.

 

දැනට පළවන වාර්තා අනුව ප්‍රභූ දේවා මුසාසි හි IPS නිලධාරියෙකු ලෙස රඟපානු ඇති.

 

කොහොම නමුත් චිත්‍රපටය නිකුත් වන දිනයක් ගැන සඳහනක් තවමත් ප්‍රකාශයට පත්කර නෑ..

 

 

 

views

543 Views

Comments

arrow-up