ලිංගික අල්ලස මදිවී මුදලුත් ඉල්ලන්න ගිය ලොක්කා අත්අඩංගුවට

කාන්තාවකගෙ රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදී ඌව පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්රවාහන සේවා අධිකාරියේ ධාවන කළමනාකරු වන ප්‍රදීප් රණතුංග යන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා සිසු සැරිය බස් රථයකට අවශ්‍ය මාර්ග බලපත්‍රයක් ලබාගැනීමට ගිය තරුණියකගෙන් එම කාර්‍යය සිදුකර දීම සදහා මෙලෙස රු. 50,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත්තේ මීට පෙර ඇගෙන් ලිංගික අල්ලසක් පවා ලබා ගැනීමට කටයුතු කර තිබුණු පසුබිමකයි.
මේ වන විට අත්අඩංගුවට ගත් සැකකාර කළමනාකාරවරයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
source: hirunews
3121 Views
Comments