ජර්මනියේ බෝම්බ අනතුරු ඇඟවීමෙන් පසු සොයා ගත් අත්බෝම්බය කාන්තා ලිංගික උපකරණයක් !

පසුගිය සඳුදා සවස් කාලයේදී දකුණු ජර්මනියේ සොනෙන් ප්‍රදේශයේ වනාන්තරයක් අසළ ඇවිද යමින් සිටි කාන්තාවක් බිම තිබී විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෑගයක් තුල අත් බෝම්බයක් තිබෙනු දැක තිබුණි.
වහාම ක්‍රියාත්මක වූ ඇය මෙය පිළිබඳව පොලීසියට දුරකථන ඇමතුමක් දී තිබුණා. පසුව එම ස්ථානයට පැමිණි ජර්මානු පොලීසිය ඒ අවට සිටි ජනතාව ඉවත් කරමින් එම ප්‍රදේශයට බෝම්බ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබුණා. පසුව එය නිෂ්ක්‍රීය කිරීම සඳහා බැවේරියානු බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ කණඩායමක්ද ගෙන්වා තිබුණා.
ඉන් අනතුරුව පාර්සලය පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ එය ව්‍යාජ ලෙස බෝම්බයක හැඩය ගන්නා ලෙස සකස් කරන ලද කාන්තාවන් ස්වයංවින්දනය සඳහා භාව්තා කරන ලිංගික සෙල්ලම් බඩුවක් (Sex Toy) බවයි.
ඊට අමතරව එම පාර්සලය තුල තිබී භාවිතා නොකරන ලද උපත් පාලන කොපු (Condom) දෙකක් සහ හිස් ලිහිසි තෙල් බෝතලයක්ද සොයා ගැනීමට බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට පැමිණ සිටි නිළධාරීන්ට හැකි වී තිබුණා. කෙසේ නමුත් මෙය සැලකිය යුතු දින ගණනක් එහි තිබෙන්නට ඇති බව නිලධාරීන් සැක පල කරනවා. ඒ එම ද්‍රව්‍ය සහිත බෑගය දිරාපත් වීම හේතුවෙනුයි.
1653 Views
Comments