එක නෙල්ලි ගෙඩිය හරි හතකට බෙදා ගෙන කෑ ඇගළුම් තරුණියන් හතටම කොවිඩ්

වෙරළු ගෙඩිය හත් දෙනෙකු කෑ ප්‍රකට කියමන්ක් තිබෙනවා.. මෙයත් ඒ වගේය.නමුත් මේ එකමුතුකම අවසානයේ ගොන්කමක් වූයේ පවතින කොරෝනා වසංගතය නිසාය.
කතාව මෙසේය
පුත්තලමේ ඇගලුම් කර්මාන්ත ශාලාවක එකම නෙල්ලි ගෙඩිය බෙදා ගදා ගෙන කෑ සේවිකාවන් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වීමේ පුවතක් වාර්තා වෙනවා.
ඒ මීට සති කිහිපයකට ඉහතදී එක් තරුණ සේවිකාවක් ගෙනා මෙම නෙල්ලි බෑගයෙන් මිතුරියන් පිරිසක් අනෙක් අයට බෙදා විනෝදය පිණිස නෙල්ලි ගෙඩියක් බෙදා හදා ගෙන හත් දෙනාම කා තිබෙනවා.
ඉන් එක් අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ මතු වීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂාවෙන් ඇයට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වෙනවා.
පසුව සෙසු හය දෙනාටත් වෛරසය ආසාදිත වී ඇති බව සිදුකළ පීසීආර් පරීක්ෂාවේදි තහවුරු වුණා.
ලද විවීකයක් අතර ඔවුන් මෙලෙස විනෝද සදහා කළ ක්‍රියාව නිසා අන්තිමේ ගොඩ දෙනෙක් අමාරුවේ වැටුණා.
කුලියාපිටිය ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය වැඩි නිසා ඒ අවට ප්‍රදේශත් අවධානම් ප්‍රදේශ ලෙසයි සළකන්නේ.
කොහොම වුණත් අපි මීට වඩා බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ.
නෙල්ලි ගෙඩිය කාලා කොරෝනා හදා ගත්තු ඔකෝම යාලුවෝ දැන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල,50 අධික ඔවුන්ගේ අශ්‍රිතයෝ ස්වයං නිරෝධායනයට දාලා.
1088 Views
Comments