අයියා රටේ ඉඳන් එවූ කෝටි දෙකහමාරක මුදල මල්ලි උස්සලා - යන එන මං නැති වූ අයියා සිය දිවි නසාගන්න හදලා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

අයියා රටේ ඉඳන් එවූ කෝටි දෙකහමාරක මුදල මල්ලි උස්සලා - යන එන මං නැති වූ අයියා සිය දිවි නසාගන්න හදලා

අයියා රටේ ඉඳන් එවූ කෝටි දෙකහමාරක මුදල මල්ලි උස්සලා - යන එන මං නැති වූ අයියා සිය දිවි නසාගන්න හදලා

වැඩිමහල් සහෝදරයා එංගලන්තයේ සිට නිවසක් සෑදීම සඳහා එවන ලද රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් ඔහුගේම බාල සහෝදරයා විසින් වංචා කළ පුවතක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි.

 

මෙම වැඩිමහල් සහෝදරයා මීට වසර දොළහකට පෙර එංගලන්තයට සංක්‍රමණය වී එහි රැකියාවක් කර උපයාගත් ධනය මෙලෙස බල සහෝදරයා විසින් වංචා කර ඇත.

 

තම උපන් ගම වූ චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක් සෑදීමට වැඩිමහල් සහෝදරයාට ආසාවක් ඇති වූ නිසා ඔහු මේ පිළිබඳව සිය බාල සහෝදරයා දැනුවත් කර ඇත. ඒ සඳහා නිවසේ සැලසුමක්ද ඔහු ලංකාවේ සිටින සිය සහෝදරයාට එවා ඇත.

 

මල්ලිගේ සුභසිද්ධිය ද ප්‍රාර්ථනා කළ අයියා ඔහුට ද නිවසක් සාදා ගැනීම සඳහා මුදල් ලබා දීමටද අමතකල කර තිබුණේ නැත.

 

බාල සහෝදරයා විසින් ඉදිකරන ලබන නිවාස වල ඡායාරූප එංගලන්තයට යවා තිබිණි. උපන් ගමේ පදිංචියට යෑමට හැකිවීම සතුටින් වැඩිමහල් සහෝදරයා සහ ඔහුගේ බිරිඳ ලංකාවට පැමිණෙන්නේ මේ අතරදීය.

 

චාවකච්චේරි ට ගොස් පරික්ෂා කිරීමේදී ඔහුගේ බාල සහෝදරයා සොයා ගන්නට වත් නොසිටියේ ය. ඔහු සාදා තිබුන නිවසක් ද නොතිබිණි. ඔහු විසින් මීට පෙර එවා තිබුණේ ඉදිකරමින් පවතින වෙනත් නිවසක ඡායාරූපයි.

 

තම ජීවිත කාලයම දුක් මහන්සි වී මහන්සි වේ හම්බ කළ රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් තමාගේම එක කුස උපන් සහෝදරයා විසින් වංචා කළ බව දැනගත් වැඩිමහල් සහෝදරයාට ඇතිවූ කම්පනය හේතුවෙන් ඔහු වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත.

 

බරපතළ තත්ත්වයන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට හැකිවී තිබිණි.

views

12935 Views

Comments

arrow-up