බිරිඳට වශියක් කරලා ගෙදරින් යවපු කේන්තියට ස්වාමියා කපුවා කපෝති කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

බිරිඳට වශියක් කරලා ගෙදරින් යවපු කේන්තියට ස්වාමියා කපුවා කපෝති කරයි

බිරිඳට වශියක් කරලා ගෙදරින් යවපු කේන්තියට ස්වාමියා කපුවා කපෝති කරයි

තමාගේ බිරිඳගේ ආදරය වෙනත් පුරුෂයෙකු වෙත වශියකින් යැව්වේ යැයි සිතා ඔහු ඊට උරණ වී පැල්මඩුල්ලේ කපු මහතෙකුව ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

 


සිය බිරිද තමාගෙන් ඈත් වී වෙනත් පුරුෂයෙකු වෙත යාම නිසා උරණව සිටි මෙම ස්වාමි පුරුෂයා බිරිඳගෙ වෙනස් වීම ගැන පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා.

 

එහිදි ඔහුට ගම්මුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ පැල්මඩුල්ලේ සන්නාගම කපු මහත්තයා වශියක් කරලා තිබෙන බවයි.

 

මේ නිසා කපු මහතා සමඟ උරණ වු ස්වාමි පුරුෂයා ඉකුත් 10 වැනි දින කපු මහතාව දේවලය තුළදීම ඝාතනය කරනවා.ඒ පිහියකින් කපා කොටාය.

 

කපු මහතාගේ සිරුරේ මාරාන්තික කැපුම් තුවාල 12ක් තිබිල තියෙනවා.

 

මේ සම්බන්ධයෙන් පසුවා අදාල කපු මහතාව පැල්මඩුල්ල පොලිසියෙන් අත්අඩංගුවට අරං අධිකරණය දාලා ලබන 20 දක්වා රිමාන්ඩ් කරල තිබෙනවා.

 

ඝාතනයට ලක් වුණි කපු මහත්තයා 40 හැවිරිදි දෙදරු පියෙක්.

 

මේ සිද්ධියට මුල් වුණු කාන්තාව ඔහුගේ ස්වාමියාගෙන් වෙන් වී තාමත් අනෙක් පුරුෂය සමඟ ජීවත් වෙනවා.

views

2997 Views

Comments

arrow-up