නාමල්ගෙ උපන් උපන්දිනයට අගමැති පියා තැබූ ආදරණීය ෆේස්බුක් සටහන

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය අද දිනට යෙදී තිබෙනවා.
අපි සැවොම දන්නා පරිදි නාමල්ගෙ ඇමතිතුමා ඇමතිතුමා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර ඇති පිය පුතු බැඳීම ඉතා ආදරණීය බැඳීමක්.
ඉතින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය පුතුගේ උපන් දිනයට ෆේස්බුක් ඔස්සේ සුබපැතුම් එක් කළේ මෙලෙසින්.
"දයාබර නාමල් පුතේ,
අපේ කැදැල්ලට කුළුඳුලේ දරු සුරතල් රැගෙන බක් මහේ අවුරුදු කුමාරයා මෙන් නුඹ පැමිණි දවස මට අද වාගේ මතක ය.
කාලය තුරඟ පිට නැඟී ගෙවී ගිය ද අපේ ලෝකය සුන්දර කළ පුංචි නුඹේ සොඳුරු දඟකාරකම්, ආදර කියුම් කෙරුම් අදටත් සැනසිල්ලකි.
ඒ පුංචි නුඹ, අද ලොකු මිනිසෙකු වී රට ගොඩනඟන සටනට උර දී සිටිනු දකින්නට ලැබීම මටත් අම්මාටත් මහා සතුටකි. ඒ සතුට මේ රටට ආදරය කරන සෑම හදවතකට ම උරුම කරදෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා!
තෙරුවන් සරණයි!
තාත්තා"
711 Views
Comments