එරික් නැති වෙන්නප්පුවට "හොර Spa" පුරඟනන් රෑනක් ආ හැටි

වෙන්නප්පුවෙන් සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ඉවත් කොට දෙසතියක් යාමටත් මත්තෙන් වෙන්නපුවේ ස්පා සෙල්ලම ආයෙත් පටන් ගෙනය.
ස්පා කිව්වාට මෙය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් කර ගෙන යන ගණිකා මධ්‍යස්ථානය.
වසර දෙකක පමණ කාලයක් එරික් වෙන්නපුවේ අණසක පතුරවමින් නීති විරෝධි මෙවැනි ජාවාරම්වලටද වැට බැන්දේය.
එරික්ගේ ගමද වෙන්නපුවයි.ඒ නිසා එරික්ව රැවටීමට පිටස්සත ජාවාරම්කාරයින්ට නොහැකි විය කෙසේ නමුත් එරික් ආ සැනින් ස්පා මුවාවෙන් ගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන රැසක් වසා දැමුවේය.
ඇතැම් කළමනාකරුවන්,ගණිකා වෘත්තියෙහි යෙදුණු කාන්තාවන් පවා අත්අඩංගුවට ගැනුණි එරික්ව එක්තරා අමාත්යවරයයෙක්ගේ කීමට වෙන්නපුවෙන් එළවා දැමීමෙන් දෙසතියක් යාමටත් මත්තෙන් හොර ස්පා 10 වැඩි සඛංඛ්යාවක් යළි ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඇතැම් හොර ස්පා ක්‍රියාත්මක වන්නේ ඔන්ලයින් ක්‍රමවලටය.
සුරූපි තරුණියන් වෙබ් අඩවි දැන්වීම් ඔස්සේ අළෙවිවන සංස්කෘතික් වෙන්නප්පුවේද දැන් ආරම්භ වී තිබේ පුරගනන් සොයා තරුණ මැදි වියෙහි පමණක් නොව වෙස්වලා ගත් පාසල් සිසුන්ද පැමිණෙන බව වාර්තා වේ.
වෙන්නප්පුවෙන් කොළඹටත් කොළමින් මීගමුවටත් මාරු වූ එරික් පෙරේරා සහකාර පොලිස් අධිකාරිවරයා ගැන දිනෙන් දින උණුසුම් පුවත්ද මේ ඔස්සේ නිර්මාණය වෙමින් දේශපාලන කරලියද උණුසුම් කර ඇත.
5237 Views
Comments