උපන්දිනය දා රනිල්ගෙන් ලක්ෂ 70 ක ටාගට් එකක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

උපන්දිනය දා රනිල්ගෙන් ලක්ෂ 70 ක ටාගට් එකක්

උපන්දිනය දා රනිල්ගෙන් ලක්ෂ 70 ක ටාගට් එකක්

හිටපු අග්‍රාමාත්‍ය වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ 72 වන ඡන්ම දිනය පසුගිය 24 වැනිදා යෙදී තිබුණා.

 

සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය විසින් ලඟා කර ගත යුතු මැතිවරණ ඉලක්කයක් එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට හා කළමනාකරුවන්ට ලබාදී තිබෙනවා.

 

ඒ අනුව එළැඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 70 ක ඡන්ද පදනමක් ලබා ගත යුතු බවත් ඒ සඳහා ගමට ගොස් වැඩ කරන ලෙසත් නිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

 

ඔහු විසින් ලබා දුන් ඡන්ද ඉලක්කය සුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය මෙන් තිස් ගුණයක ප්‍රමාණයක් වනවා.

views

871 Views

Comments

arrow-up