දුවගේ අලුත් පෙම්වතා පොලීසියේදී ගැහැනියක් වෙලා - සතියක් හෝටලයක පෙම් කරලා

රක්වාන ප්‍රදේශයේ විවාහ දිවියට එළැඹුණු තරුණ විවාහක යුවළක් අතර ඇති වූ බව කියවෙන අඩදබර හේතු කොට ගෙන ඇති වූ සිත් තැවුල හේතුවෙන් බිරිඳ සැමියාගෙන් වෙන් වී කොළඹ ගොස් ඇත්තේ රැකියාවක් කිරීමේ අරමුණින්ය.
තාවකාලික පදනම මත රැකියාවක් කරන අතරතුර ඇයට හමු වූ පෙම්වතෙකු සමඟ ආදර සම්බන්ධතාව මත ඔවුන් දෙදෙනා අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයකට ගොස් එහි සතියක් පමණ සිට ඇත.
සැමියාගෙන් වෙන් වී කොළඹ ගිය දියණිය පිළිබඳව ආරාංචියක් නොලත් මවට එක් වරම ඇය අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක සිටින බව දැන ගැනීමට ලැබී ඇත. එහි ගිය ඇයට තම දියණිය ඇයගේ නව පෙම්වතා සමඟ සිටිනු දක්නට ලැබී ඇත.
කෙසේ වෙතත් තම අලුත් බෑණා ගැන සැක සිතුණු මව ඔහු පිළිබඳව රක්වාන පොලීසියට පැමිණිලි කර ඇත.
සිද්ධියේ හොඳම හරිය හෙළි වූයේ එවිටයි.
මෙතෙක් කල් දියණියගේ අලුත් පෙම්වතා ලෙස හැසිරී ඇත්තේ පිරිමි වෙස් ගත් කාන්තාවක් බව එහිදී අනාවරණය විය.
රක්වාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවරත්න මහතා ඔවුන් දෙදෙනාටම අවවාද කර ඥාතීන්ට ද කරුණු පැහැදිලි කර දී දෙදනාම ඥාතීන්ට බාරදීමට කටයුතු කර තිබුණි.
964 Views
Comments