අලුත්වැඩියා කරන්න ගෙනා දුරකථනයෙන් බිරිඳගේ කෙරුවාව මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

අලුත්වැඩියා කරන්න ගෙනා දුරකථනයෙන් බිරිඳගේ කෙරුවාව මාට්ටු

අලුත්වැඩියා කරන්න ගෙනා දුරකථනයෙන් බිරිඳගේ කෙරුවාව මාට්ටු

ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයකට අලුත්වැඩියා කිරීමට ගෙනා ජංගම දුරකථනයක් නිසා එහි අයිතිකරුගේ බිරිඳගේ පැටිකිරිය සැමියා අතටම අසුවූ පුවතක් දකුණු පළාතේ එක්තරා නගරයකින් වාර්තාවනවා.

 

තම සේවා ස්ථානයට අවු.21 ක පමණ තරුණයෙකු පැමිණෙන්නේ තම දුරකථනයේ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට නොහැකි බව පවසමිනුයි. 

 

ඔහුට දුරකථනය සාදා ගැනීම ඉතා හදිස්සි බව පවසමින් ලඟම රැඳුන අතර අලුත්වැඩියා ස්ථානයේ හිමිකරුද ඉතාම ඉක්මනින් මෙම තරුණයාට දුරකථනය සාදා ලබා දෙන්නේ 

 

“මල්ලී, දැන් කෝල් එකක් අරන් බලන්නකො” යනුවෙන් පවසමිනුයි.

 

ඔහු දුරකථනය අලුත්වැඩියා කල පුද්ගලයා ඉදිරියේම වීඩියෝ ඇමතුමක් ලබාගන්නා අතර එයට පිළිතුරු දෙන කාන්තාව දැක අලුත්වැඩියා ස්ථානයේ හිමිකරුට තරු පෙනෙන්නේ මේ තම බිරිඳ බව දැකීමෙනුයි. 

 

“මෙයා කව්ද මල්ලි ඔයාගෙ” යනුවෙන් නොදන්නා ලෙස ඇසූවිට “මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්” යනුවෙන් පිලිතුරු දුන්නා.

 

 “මගේ ගෑනි කොහොමද යකෝ උඹේ කෙල්ල වෙන්නේ”.

 

 කියමින් දත්මිටි කමින් ඇසූ විට තරුණයා තමාගේ රුපියල් හතලිස් දහසක් පමණ වටිනා ජංගම දුරකථනද දමා දිව්වේ හොඳ හැටි ගුටි කෑමට නියමිතව තිබූ බව දන්නා නිසයි. 

 

views

135542 Views

Comments

arrow-up