මෙක්සිකෝවේ අපද්‍රව්‍ය ප්‍රවාහන නලයකින් දැවැන්ත මීයෙක් මතුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

මෙක්සිකෝවේ අපද්‍රව්‍ය ප්‍රවාහන නලයකින් දැවැන්ත මීයෙක් මතුවෙයි

මෙක්සිකෝවේ අපද්‍රව්‍ය ප්‍රවාහන නලයකින් දැවැන්ත මීයෙක් මතුවෙයි

මෙක්සිකෝ නගරයේ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය විසින් මලාපවහන හෑරීමේදී මීයෙකුගේ දැවැන්ත පිළිරුවක් හමු වී ඇත.

 

අධික වර්ෂාව හේතුවෙන් නගරයේ නිතර නිතර ගංවතුර තත්වයන් ඇතිවී තිබුණි. ඒ හේතුවෙන් ඔවුන් නගරයේ කාණු පද්ධතිය පිරිසිදු කිරීමට ගත් උත්සහය සමග මෙම පිළිමය සොයාගැනීමට ඔවුන් සමත් වී ඇත. 

 

හැලොවීන් උත්සවයට සකස් කර තිබූ අනුරුවක් කුණාටුවකට හසුවී මෙලෙස කාණු පද්ධතියට එකතු වන්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

 

එය තහවුරු කරමින් එව්ලින් ලෝපෙස් නම් කාන්තාවක් හැලොවීන් සඳහා මුල සිටම නිර්මාණය කළ මීයාට හිමිකම් කීමට ඉදිරිපත් වී තිබේ.  වර්ෂාව හේතුවෙන් එය අතුරුදහන් වී ඇති බවත් එය නැවත ලබා ගැනීමට කිසිවෙකුට උදව් නොකළ බවත් ලෝපෙස් පැවසීය.

 

 

views

5534 Views

Comments

arrow-up