නාන හැටි වීඩියෝ කලාට පාඩමක් ඉගැන්වූ බල්ලා

මෙම සිදුවීම වාර්තාවන්නේ දකුණු පළාතේ එක්තරා ගමකිනුයි.
ඇඟලුම් කම්හලක රැකියාවේ නියතු තරුණිය රෑබෝවී නිවසට පැමිණෙන අතර පැමිණිවිගස ඇඟ සේදීම හො දිය නෑම සඳහා නානකාමරයට යාමට පුරුදුව සිටියා.
මෙසේ එක් දිනක දිය නාමින් සිටි අවස්ථාවේ නානකාමරය අසල එකවරම “දඩෝස්” ගා ශබ්දයක් ඇසුණා.
මේ අවස්ථාවේ තරුණිය පමණක් නොව නිවසේ සිටි බල්ලාද තිගැස්සුණා.
ටික වේලාවකින් තරුණියට හා නිවැසියන්ට “බුදු අම්මෝ, මාව බේරාගනියෝ” කියමින් මහ හඬින් ලතෝනි ඇසුණා.
මේ අවස්ථාවේ නිවසේ සිටි අනෙක් අය එම ස්ථානයට ගොස් බලන විට තරුණයා ලේ ගලමින් කෑගසමින් සිටිනු දුටු අතර නානකාමරය අසල ලී කොටයක්ද තිබුණා.
ඔහු අසලට පැමිණි නිවැසියන්ට සිදුවූ දෙය පැහැදිලි වූ අතර තරුණයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී එය තවදුරටත් පැහැදිලි වුණා.
බල්ලා සපා කෑ බවද අමතක කරමින් තරුණියගේ අයියා මලෝ තරුණයාට තලන්නට වූයේ රෝහල් ගතවී ප්රතිකාර ලබාගැනීමට සිදුවන ලෙසයි.
තරුණිය දිය නාන අයුරු හොඳින් වීඩියෝ කරන්නට ගොස් කොටයේ සමබරතාවය බිඳී බිම ඇද වැටුණේ ශබ්ද නගමින් බව සියල්ලන්ටම පැහැදිලි වුණා.
අවසානයේ නිවසේ ඇතිකල බල්ලා නිසා තරුණියගේ ගෞරුත්වය රැකුණා.
4630 Views
Comments