චිත්‍රපටිය නරඹද්දි පෙම්වතියගෙ කකුල කියලා පෙම්වතා අම්මාගේ කකුල පාගලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

චිත්‍රපටිය නරඹද්දි පෙම්වතියගෙ කකුල කියලා පෙම්වතා අම්මාගේ කකුල පාගලා

චිත්‍රපටිය නරඹද්දි පෙම්වතියගෙ කකුල කියලා පෙම්වතා අම්මාගේ කකුල පාගලා

මෙම සිදුවීම වාර්තාවන්නේ නගරයෙන් ඈතට වන්නට මදක් පිටිසර ගමකිනුයි. 

 

 කොවිඩ් වසංගතය ගම ආක්‍රමණය කලේ නැතත් තවදුරටත් ගම ආරක්‍ෂා කරගන්නට ගමේ පන්සලේ නායක ස්වාමීන්වහන්සේට සහ තරුණ පිරිසට අවශ්‍යවුණා. 

 

කොවිඩ් වලින් ආරක්‍ෂාවීම් වෙනුවෙන්ම සෑදුණු උපදෙස් ඇතුලත් කෙටි චිත්‍රපටයක් සියල්ලන්ගේම මැදිහත්වීමෙන් සංවිධෘනය කෙරුණේ රාත්‍රී කාලයේදීයි. 

 

කොවිඩ් නිසා හමුවන්නට නොහැකිව සිටි ප්‍රේමයෙන් වෙලුණු තරුණ යුවලකටත් මෙය හමුවීමට හොඳ අවස්ථාවක් වුණා. 

 

ඒ අනුව තම පෙම්වතියට එස් එම් එස් පණිවුඩයක් මඟින් ආරාධනා කල ඔහු පෙම්වතිය අසලින්ම වාඩි වී සිටියා.  

 

රාත්‍රියේ චිත්‍රපටය පෙන්වන්නට පටන්ගත් අතර පෙම්වතියගේ මව ඇයව සිටි තැනින් ඉවත් කර ඇය එතන වාඩිවුණේ ඔවුන් දෙදෙනාගේ ඉඟි බිඟි එතරම් හොඳ තත්වයක නොතිබුණු නිසයි.

 

එයට ඇයගෙන් එල්ලවුණේ දැඩි විරෝධයක් මධ්‍යම රාත්‍රිය ලංවන විට චීනයේ මිනිසුන් මැරී වැටෙන දර්ශන පෙන්වන්නට වූ අතර සියල්ලන්ගේ නෙත් ඒ දෙස යොමුව තිබුණා. 

 

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතා පෙම්වතා තම පෙම්වතියේ දෙසට කකුල දිගු කලේ කකුලක් උඩ කකුලක් තබා ගැනීමේ අරමුණිනුයි. 

 

“මේ මොනවද කරන්නෙ ළමයෝ, මට ඔය ලමයටත් වැඩිමල් පුතෙක් ඉන්නවා” යැයි මහ හඬින් පැවසූයේ ඔහුගේ ඉහමොල රත්කරමිනුයි. 

 

වටපිටාවේ සිටි ඒ දෙස බලද්දී  පෙම්වතා එතනින් යන්නට වූයේ “ ලව් ඉලව් ” යනුවෙන් පවසමින්. 

 

පසුදින පෙම්වතිය තම මිතුරියන්ට සිදුවීම පවසන්නට වූයේ බඩ අල්ලාගෙන සිනාසෙමිනුයි.

 

views

2737 Views

Comments

arrow-up