දුවගේ කෙරුවාව නිසා බූවල්ලෙන් තමාටම තලාගත් තාත්තා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

දුවගේ කෙරුවාව නිසා බූවල්ලෙන් තමාටම තලාගත් තාත්තා

දුවගේ කෙරුවාව නිසා බූවල්ලෙන් තමාටම තලාගත් තාත්තා

මෙම සිදුවීම වාර්තාවන්නේ කරන්දෙණිය ප්‍රදේශයෙනුයි.

 

මේ කතාවේ කතානායකයා රාජකාරි කලේ නිවසට මදක් දුර ප්‍රදේශයකයි.

 

එම නිසා ඔහුට අලුයම නිවසින් පිටත්වීමටත් රාත්‍රි කාලයේ නිවසට පැමිනීමටත් සිදුව තිබුණෘ. එමෙන්ම දුම්රියෙන් මෙන්ම බස් රථයයෙන් ගමන් කිරීමටත් සිදුවුණා.

 

මොහු මෙසේ රාජකාරි කර නැවත නිවසට පැමිණෙන අවස්ථාවක මොහු බස් රථයට ගොඩවුණේ ඉදිරිපස දොරෙනුයි.

 

ටිකෙන් ටික පසුපසට ගිය ඔහු දුටුවේ පසුපස ආසනයේ අශෝභන ලෙස හැසිරුණු යුවලකුයි.

 

මොහු පමණක් නොව බස් රථයේ සිටි අනෙක් අයද මොවුන්ගේ හැසිරීම ගැන සතුටු වුණේ නැහැ.

 

බස් රථයේ කොන්දොස්තර මෙම යුවලට ඔවුන්ගේ පාඩුවේ ඕනෑ දෙයක් කරගන්නට ඇර කරබාගෙන සිටියේ ඔහුට ලැබුණු සන්තෝසම් හා දිනපතා මොවුන් මෙම රථයේ ගමන් කරන නිසයි.

 

හැමදේකටම හොට දාගන්නා මෙම පුද්ගලයාද තරුණ යුවලට දෙහිකපන්න වුණා. ඒ ඔවුන් පැළඳ සිටි මුඛ ආවරණ නිසා ඔවුන් කවුදැයි හඳුනා ගැනීමට නොහැකි වූ නිසයි.

 

බස් රථයේ සිටි අනෙක් අයටද ඇසෙන්නට “කාගෙ දරුවොද මන්දා, දෙමාපියන්ගෙ වැරුද්ද තමයි. ඔක්කොටම කලින් අම්මලා තාත්තලා හොයාගෙන බූවල්ලෙන් තලන්න ඕනෑ. ” ඔහුගේ මුවෙන් පිට වුණා.

 

කෙසේ හෝ මෙම පුද්ගලයා බසින තැන ලන්වූ බැවන් මොහු පාපුරුව අසලට පැමිණෙනවාත් සමඟම අශෝභන ලෙස හැසිරුණු තරුණියද නැගිට පැමිණියා.

 

“ ආ... තාත්තේ ඔයත් මේ බස් එකේද ආවේ...” යනුවෙන් අසමින් අතින් එල්ලෙද්දී සිටියේ ඔහුගේ දියණීය බව ඔහුට වැටහුණා.

 

බස් රථයේ සිටි අයත් දියණිය හා පියා දෙස උපහාසාත්මක අයුරින් බලමින් සිනාසෙන්නට පටන්ගත්තේ අදාල පුද්ගලයාගේ කටින් පිටවුණු වචන සිහිකරමිනුයි.

 

තමාට පොලොව පලාගෙන යන්න තරම් හිතුණු මොහුට “ ආ මේ ඔයාගේ දුවද. දැන් ඉතින් කවුද ඔයාට බූවල්ලෙන් ගහන්නේ” යැයි එකෙක් සමච්චල් කරද්දී, “ දැන් ගෙදර ගිහින් දුවව පට්ට ගහන්න පුලුවන්නේ” කියමින් තවකෙකු සිනාසෙන්නට වුණා.

 

දුවගේ අත ගසා දැමූ මොහු “ ආයෙනම් මේ බස් එකේ එන්නේ නෑ” පවසා තම දියණියට දන්න සිංහලෙන් බැණ වදිමින් බසයෙන් බැසගියා.

views

2956 Views

Comments

arrow-up