කතුන් 8ක් දපනේ දැමූ අනංගයාට අසුවූ තිදරු මවක්වූ කෝටිපති දුව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

කතුන් 8ක් දපනේ දැමූ අනංගයාට අසුවූ තිදරු මවක්වූ කෝටිපති දුව

කතුන් 8ක් දපනේ දැමූ අනංගයාට අසුවූ තිදරු මවක්වූ කෝටිපති දුව

මෙම සිදුවීම වාර්තා වන්නේ රජරට පළාතෙන්.

 

 තිදරු මවක් වන අදාල කාන්තාව සේවය කලේ තම පියාට අයත් වාහන අලෙවිසැලකයි. 

 

එම ආයතනයට රියදුරෙකු අවශ්‍ය වූ බැවින් පුවත්පතක පලකරන ලද දැන්වීමකින් තොරාගත් අයෙකු ලෙසයි මෙම පුද්ගලයා සේවයට එක්ව ඇත්තේ. 

 

මෙම තරුණයා හා කාන්තාව අනියම් සම්බන්ධයක් ගොඩනගාගෙන තිබෙනවා. 

 

මේ සම්බන්ධය කාන්තාවගේ 14 හැවිරිදි දියණියට අසුවී ඇති අතර ඒ අනුව මෙම පුද්ගලයා ආයතනයෙන් ඉවත්කොට තිබෙනවා. 

 

කෙසේවෙතත් දෙදෙනාගේ අසම්මත ප්‍රේමය එලෙසම දුරකථන ඔස්සේ පවත්වාගෙන ගොස් තිබෙනවා. 

 

දින කිහිපයකට පසු මෙම කාන්තාව තම සැමියාගේ මෝටර් රථයයෙන් ගූගල් තාක්‍ෂණය ඔස්සේ අනියම් සැමියා සිටින නිවස සොයාගෙන තම පස් හැවිරිදි දියණිය කැටුව පැමිණ ඇත්තේ තම විවාහක සැමියා සමඟ නැවත යාමට නොහැකි බව පවසා හඬා වැලපෙමින්. 

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවගේ නිත්‍යානුකූල සැමියා පොලිසියට කල පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමේදී හෙලිව ඇත්තේ මෙම පුද්ගලයා තිදරු පියෙක් වන බවත් ඔහුගේ විවාහක බිරිඳ විදෙස් රටක රැකියාට ගොස් ඇති බවයි. 

 

එමෙන්ම මොහු විස්න් මීට පෙරද කාන්තාවන් අටදෙනෙකු සමඟ අනියම් සබඳතා ගොඩනගා ගනිමින් ඔවුන්ව නිවසට ගෙන්වා මුදල් ලබාගෙන එලවා ඇති බවයි. 

 

මෙම සිදුවීමට පොලීසිය සහ අදාල කාන්තාවගේ සැමියා දරුවන් පිළිබඳ සිතා හෝ නැවත පැමිණෙන ලෙස කොතරම් ආයාචනා කලත් තම පෙම්වතාගෙන් තමන් දැඩි සතුටක් ලබන බව පවසමින් අනියම් සැමියාද සමඟ ත්‍රීරෝද රියක නැගී දරු තිදෙනා හා නීත්‍යානුකූල සැමියා බලා සිටියදීම අනියම් සැමියා සමඟ පොලිසියෙන් පිටවගොස් ඇති බව සඳහන්.

views

79253 Views

Comments

arrow-up