අන්තිම කැමැත්තෙන් මිලියන 1000ක් හිමි වූ බල්ලෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

අන්තිම කැමැත්තෙන් මිලියන 1000ක් හිමි වූ බල්ලෙක්

අන්තිම කැමැත්තෙන් මිලියන 1000ක් හිමි වූ බල්ලෙක්

වයස අවුරුදු 8ක් වන ලුලූ නම් සුරතල් සනඛයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 5ක් හිමි වී ඇති බව වාර්තා වනවා.

 

මෙලෙස ලුලූට ශ්‍රී ලංකා මුදලින් මිලියන 1000ක් හිමි වූයේ ටෙනසිහි ව්‍යාපාරික බිල් ඩොරිස් පසුගිය වසරේ අගභාගයේදී මිය යාමත් සමගයි. මිය යන විට,84 හැවිරිදි ඩොරිස් සිය අවසන් කැමැත්තෙන් මෙම මුදල සිය සුරතලාට ලබා දී තිබෙනවා.

 

ඩොරිස් නිතරම සංචාරයේ යෙදෙන අයෙකු නිසා ඔහු ලුලූව ඔහුගේ මිතුරියක් වන මාර්තා බර්ටන් සතුව තබා තිබුනා. ඩොරිස් මිය යන විටත් ලුලූ වසර ගනනක් මාර්තා සමග ජීවත් වෙලා තිබුණා.

 

ඩොලර් මිලියන 5 ක් ලුලුගේ රැකවරණය සඳහා බවත්, සුනඛයා බර්ටන් සමඟ සිටිය යුතු බවත් වාර්තාවේ දැක්වේ. 

 

 

ලුලූ කෝටිපතියෙකු වුවත් ඔහුගේ භාරකරු වන මාර්තාට මෙම මුදල් භාවිතා කිරීමට අවසරයක් නෑ. සියලුම වියදම් නියෝජිතයෙකු මාර්ගයෙන් ලුලූ සදාහාම පමණක් වියදම් විය යුතු බව අවසන් කැමැත්තෙහි සදහන්.

 

තමාගේ සුරතලා වෙනුවෙන් ඇති ආදරයට කරන කැපකිරීම් සහ සැලකිල්ල පිළිබදව ඩොරිස් සහ ලුලූ මිලියන 1000ක් වටින උදාහරණයක්.

 

 

 

views

1468 Views

Comments

arrow-up