ආදරවන්තයින්ගේ දිනය දා 52හැවිරිදි පෙම්වතාට රැවටුණු 20 හැවිරිදි තරුණිය

20 හැවිරිදි තරුණියක් මුහුණපොතෙන් රැවටී ආදරවන්තයින්ගේ දිනයේ දී තමා ගේ පියාටත් වඩා වයස වැඩි පුද්ගලයෙකු හමුවීමට ගිය පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.
කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණිය මුහුණු පොත හරහා මීට මාස හයකට පෙර පුද්ගලයකු සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩනගාගෙන තිබෙනවා.
එම පුද්ගලයා වයස අවුරුදු පනස් දෙහැවිරිදි දෙදරු පියකු වන අතර අරණායක ප්‍රදේශයේ පදිංචි ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සාමසර කන්ද නාය යාම හේතුවෙන් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මුහුණු පොතේ ව්‍යාජ ලෙස තරුණයෙකුගේ රූපයක් පළකර ඇති අතර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම තරුණිය සමඟ ආදර සබඳතාව ගොඩනගා ගෙන තිබුණා.
ඊයේ ආදරවන්තයින්ගේ දිනයේ දී ඇයට අග්බෝපුර බස් නැවතුම් පොළට පැමිණෙන ලෙස දැනුම්දී ඇති අතර එහිදී පනස් දෙහැවිරිදි පෙම්වතා මුහුණු ආවරණයක් සහ හිස්වැසුමක් පැළඳ සිට තිබුන නිසා සැබෑ ස්වරූපය එහිදීද දැක ගැනීමට නොහැකි වූ බවයි තරුණිය පවසා තිබෙන්නේ.
පසුව ඔහු සමග නිවසින් පැන විත් හිස් වැසුම සහ මුහුණු ආවරණය ඉවත් කළ පසු එම පුද්ගලයා තමාගේ පියාටත් වඩා වයසින් වැඩි බව සඳහන් කරමින් ඇය පොලිස් හදිසි දුරකතන ඇමතුම් අංශයට පැමිණිලි කර තිබෙනවා.
එහිදී ඇය පවසා ඇත්තේ තමාව රවටා ගෙන විත් අඹුකමට තබාගෙන තමාට හිරිහැර කරදර කරන බවයි.
පසුව පොලිසිය අදාළ නිවස වෙත පැමිණ පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණිය ද පොලිසියට ගෙනා දෙමව්පියන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.
මේ සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
6633 Views
Comments