Uber එකෙන් ගෙදරට ආපු කෑම ඩිලිවරි එකේ නයෙක් ඉදලා (PHOTOS)

මේ සිද්ධිය වාර්තා වෙන්නේ එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ කාන්තාවකගෙන්.
ඇයට මෑතකදී ලැබුනු Uber Eats ඩිලිවරි එකකදී එම කෑම පාර්සලය තුල සිට මෙම සර්පයා සොයාගෙන තිබෙනවා. මේ විදියට Uber පාර්සලය තුල ඉදලා තියෙන්නේ western diamondback rattlesnake කියන වර්ගයට අයත් සර්පයෙක්
බටහිර දියමන්ති රැට්ල්ස්නේක් නිරිතදිග එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවෙන් හමු වන අතර කලාපයේ සර්ප දෂ්ට කිරීම් බහුතරයකට වගකිව යුතු සර්ප විශේෂය වන මොවුන් එක්සත් ජනපදයේ වඩාත් ආක්‍රමණශීලී රැට්ල්ස්නේක් විශේෂයක්.
කෙසේ වෙතත් ඇය මේ හැංගිලා හිටපු යාළුවා දැක්කම ඇනවුම ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට උරගයින් නැවත ස්ථානගත කිරීමේ සමාගමක් වන රැට්ල්ස්නේක් සොලියුෂන්ස් සම්බන්ධ කරගෙන තියෙනවා. පසුව ඔවුන් පැමිණ මේ සර්පයා අරං ගියා කියලා තමයි මේ වන විට වාර්තා වෙන්නේ.
1925 Views
Comments