දුවගේ පෙම්වතා සමග පැනලා ගිය අම්මා ළමයිත් හදලා. (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

දුවගේ පෙම්වතා සමග පැනලා ගිය අම්මා ළමයිත් හදලා. (PHOTOS)

දුවගේ පෙම්වතා සමග පැනලා ගිය අම්මා ළමයිත් හදලා. (PHOTOS)

මෙම සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයේ ග්ලූස්ටර්ෂයර් වලිනි. ජෝර්ජිනා ඇල්ඩ්‍රිජ් (44) ජෙස් ඇල්ඩ්‍රිජ් (24) ගේ මව වන අතර 29 හැවිරිදි රයන් ෂෙල්ටන් ඇගේ සැමියා විය. සම්බන්ධය ආරම්භ වී ඇත්තේ රයන් සහ ජෙස් ග්ලූස්ටර්ෂයර් හි ඇගේ දෙමව්පියන් සමඟ පදිංචිව සිටියදී බව වාර්තා වෙයි.

 

රයන් ෂෙල්ටන්, 44 හැවිරිදි ජෝර්ජිනා ඇල්ඩ්‍රිජ් කෙරෙහි තමාට ඇති ආදරය පිළිබද පවසා ඇත්තේ ඔහු සහ ජෙස් ග්ලූස්ටර්ෂයර් හි ස්ටෝ-ඔන්-වොල්ඩ් හි පිහිටි ඇගේ දෙමව්පියන්ගේ නිවසේ පදිංචිව සිටියදී ය. ඒ වන විටත් ඔහු එක්දරු පියෙකු වූ අතර රයන් සහ ජෙස් ජෝර්ජිනා සහ ඇගේ සැමියා වන එරික් සමඟ එකම නිවසකට ගොස් ජීවත් විය. මේ අතර ජෙස් තම දෙවන දරුවා ලැබීමට සූදානම් විය. පසුව ජෙස් සිය නව පුත් රූබන් සමඟ රෝහලෙන් ආපසු පැමිණ ඇත්තේ ඇගේ පෙම්වතා සහ ඇගේ මව දෙදෙනා එකට ජීවත්ව සිටියදී ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමෙන් පසු පලා ගොස් ඇති බව දැනගත් විටය. කෙසේ වෙතත්, ජෙස් සිය අලුත උපන් පුත් රූබන් සමඟ නිවසට පැමිණෙණ විට ඔහු ජෙස් හැර ගොස් තිබුණි. ඔහුගේ ළදරු පුතා ඉපදී දින දෙකකට පසු  ඔවුන් මෙසේ පලා ගොස් ඇත

 

 

ද සන් පුවත්පතට අනුව, ඇල්ඩ්‍රිජ් මහත්මිය තම දියණියට ඇගේ මුනුබුරාගේ පියා සමඟ ඇති නව සම්බන්ධතාවයේ ආරම්භය දැක්වෙන කෙටි පණිවුඩ මාලාවක් යවා තිබේ.' රයන් අවුරුදු තුනක් තිස්සේ මෙ සඳහා උත්සාහ කරමින් සිටි අතර මම පසුගිය මාස හය තුළදී  කැමැත්ත ලබා දුන්නා. ඔහු සෑම දිනකම මට ඔබේ කෙටි පණිවුඩ පෙන්වනවා. සෑම දෙයක්ම මට කියනවා’.

 

ජෝර්ජිනා තවදුරටත් පවසා ඇත්තේ මිනිසුන් ඔවුන් ගැන සිතන දේ තමාට ප්‍රශ්නයක් නොවන බවත් 'අපි කොතරම් කිට්ටු ද කිය ඔබ නොදැන සිටින සිටින බවත්ය.

 

 

මවගේ පාවාදීම පිළිබඳව අදහස් දක්වමින් ජෙස් ඇල්ඩ්‍රිජ් මෙසේ පවසා ඇත. ' අම්මා කර ඇත්තේ බිහිසුණු ක්‍රියාවකි. 'අම්මා කරපු දේ මට පිළිකුලක්. එය මුළු පවුලම වෙන් කළා. ඇය මෙය කළේ කෙසේද? රයන් මීට පෙර තුන් වතාවකත් මට වංචා කර ඇත’. ඔවුන් මෙසේ ශක්තිමත් සම්බන්ධතාවයක් ආරම්භකර ඇතැයි සිතීමත් හාස්‍යජනකය. ඇය තවදුරටත් පවසා ඇත.

 

මෝටර් රථ අමතර කොටස් අලෙවිකරුවෙකු ලෙස සේවය කරන ෂෙල්ටන් මහතා මෙසේ පැවසා ඇත. 'හැමෝම සිතන දේ මට ප්‍රශ්නයක් නැහැ, මම ජෝර්ජිනා සමඟ ආදරයෙන් බැඳී සිටිනවා. ඒ ගැන දන්නේ කවුරුන්ද යන්න මට ප්‍රශ්නයක් නොවේ’.

 

 

 

 

 

 

views

54590 Views

Comments

arrow-up