ත්‍රීරෝද රථය හොරකම් කළ සිසුවා තවත් සිසුවියන් දෙදෙනෙකු සමග කැළේ රෑ ගත කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

ත්‍රීරෝද රථය හොරකම් කළ සිසුවා තවත් සිසුවියන් දෙදෙනෙකු සමග කැළේ රෑ ගත කරලා

ත්‍රීරෝද රථය හොරකම් කළ සිසුවා තවත් සිසුවියන් දෙදෙනෙකු සමග කැළේ රෑ ගත කරලා

මේ සිදුවීම වාර්තාවන්නේ මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයෙනුයි. 

 

මත්කුඩු ජාවාරම්කාරයෙකු සමඟ එක්ව මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබුණු ත්‍රීරෝද රථයක් සොරාගෙන සිසුවියන් දෙදෙනෙකු හා මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ කැලයක රැයක් ගතකර,
ත්‍රීරෝද රථය කැලයේ සඟවා පලායාමට උත්සහ කිරීමේදී අදාල සිසුවා අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය සමත්ව තිබෙනවා. 

 

එම අවස්ථාවේදී මත්කුඩු ජාවාරම්කරු පලාගොස් ඇති අතර කැලයට ගිය සිසුවියන් දෙදෙනාගේ මව්පියන් පොලිස් ස්ථානයට ගෙන්වා දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු සිසුවියන් දෙමාපියන්ට භාරදී තිබෙනවා. 

 

රුපියල් ලක්ෂ 07ක් පමණ වටිනා ත්‍රීරෝද රිය පැහැර ගැනීමේ වරදට අදාල 18 හැවිරිදි සිසුවාට නඩු පවරන බවයි පොලීසිය කියා සිටියේ. 

 

මෙම සිසුවා මහනුවර ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් බවද සඳහන්. 

 

සිද්දිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ ප්‍රධානී ප්‍ර.පො.ප. සංජය සේනානායක, උ.පො.ප. වරුන් වූ එම්. තලගුනේ සහ ඒ. කෝට්ටේගොඩ, පො.සැ. වරුන් වන බෝධිපක්‍ෂ (2174), සමරකෝන් (8305), කුලරත්න (93351), කුලරත්න (1108) යන මහත්වරුන් වැඩිදුර විමර්ශන සිදුකරනවා. 
 

views

2101 Views

Comments

arrow-up