වැලන්ටයින් දා පෙම්වතිය වෙනුවට පෙම්වතියගේ මව බැලීමට ආ පෙම්වතා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

වැලන්ටයින් දා පෙම්වතිය වෙනුවට පෙම්වතියගේ මව බැලීමට ආ පෙම්වතා

වැලන්ටයින් දා පෙම්වතිය වෙනුවට පෙම්වතියගේ මව බැලීමට ආ පෙම්වතා

පෙම්වතුන්ගේ දිනය දා පෙම්වතිය වෙනුවට පෙම්වතියගේ මව පැමිණීමේ පුවතක් දකුණු පලාතෙන් වාර්තා වුණා.

 

සිද්දිය මෙසේයි.

තම දියණිය හා හාදකමක් ඇති කරගත් තරුණයාට තරුණියගේ නිවසින් එල්ලවුණේ දැඩි විරෝධයක්. ඒ හේතු ගණනාවක් මුල්කරගෙනයි.

 

මේ විරෝධය මුල්කරගෙන මෙම තරුණියත් තරුණියත් පෙම්වතුන් ලෙස නිවසට රහසේ සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් තිබුණා.

 

පෙම්වතුන්ගේ දිනය දා දියණිය පිළිබඳ විමසිල්ලෙන් සිටි දෙමාපියන් දියණිය නානකාමරයේ සිටියදී කෑම කාමරයේ මේසය මත තිබුණු දුරකථනයට ලැබුණු ඇමතුම ගැන විමසා බලද්දී ඇගේ පෙම්වතාගෙන් බව දැනගන්නට ලැබුණා.

 

මේ අවස්ථාවේ තරුණියගේ මව දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ තම දියණිය ලෙසටයි.

 

කටහඬට රැවටුණු තරුණයා තමා පැමිණෙන ස්ථානය හා වේලාව වෙනදා මෙන් නොව රහසින් කථාකල තම පෙම්වතියගේ මවට පවසා තිබුණා.

 

‘මොකෝ මේ කවදාවත්ම නැතිව රහසින් කතා කරන්නේ යැයි තරුණයා විමසූවිට තරුණියගේ මව පවසා තිබුණේ ‘ අද නිවාඩුනෙ, අම්මයි තාත්තයි දෙන්නම ගෙදර’ යනුවෙනුයි.

 

කෙසේ හෝ පැමිණෙන ලෙස ආයාචනා කල පෙම්වතාට ‘හා හරි හරි, ඔයා කෝකටත් තැනට ඇවිල්ලා ඉන්නකෝ’ යනුවෙන් මව පවසා තිබුණා.

 

මේ ඇමතුමෙන් පසු දියණියගේ දුරකථනය දෙමාපියන් අතට පත්වූ අතර ඇයට නිවසින් බැහැරවීමද තහනම්වුණා.

 

කථාකරගත් වේලාවට තම පෙම්වතිය එනතුරු මගබලා සිටි තරුණයාට පෙම්වතියගේ මව දැකීමත් සමඟ ඉහමොල රත්වුණා.

 

රැඳී සිටි ස්ථානයද අමතකවූ ඔහු ගාල කඩාගත් හරකෙකු ලෙස දිවගියේ ඔහු උදේ අමතා ඇත්තේ පෙම්වතියට නොවන බව වටහාගෙන තමාටම දොස්නගා ගනිමිනුයි.

 

නැවත නිවසට ගිය පෙම්වතියගේ මව ගෙට ගොඩවනවාත් සමඟ ‘මොකෝ ගිය වැඩේ හරි ගියා ද’ යැයි පියා විමසූවිට ‘කොහේද මම දැක්ක විතරයි ඌ ගාල කඩාගත්ත හරකා වගේ දිව්වනේ, කනට දෙකක් දෙන්න ඉස්සර වෙලා’ යැයි කීවේ නිවසේ සිටි අමුත්තන්ද විශ්මයට පත් කරමින්.

 

අවසානයේ සිදුවූ කලබැගෑනිය පිළිබඳ පැමිණ සිටි අමුත්තන්ටද කියන්නට සිදුවුණා.

 

ලංකාදීපය ඇසුරින්

views

65224 Views

Comments

arrow-up